ඔක්කොටම කලින් හිටපු ජනාධිපති ගෝඨාභය රටින් ගිහින්!

Date:

කොළඹ LNW: 2024 ජනාධිපතිවරණ ජන්ද විමසීම හෙට (21) දින පැවැත්වීමට නියමිතව තිබිය දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස රටින් පිටව ගොස් ඇත්තේ පසුගිය (14) බව සඳහන්.

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 282 දරන ගුවන් යානයෙන් එදින උදෑසන 08.20ට මෙරටින් පිටව ගොස් ඇති අතර වාර්තා වන අන්දමට ඔහු පළමුව ඉන්දියාවටත් එතනින් භූතානය බලාත් ගොස් ඇති බවයි කියවුණේ.

මේ අතර අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාද රටින් පිටව ගොස් ඇති බව වාර්තා විය.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර අනතුරුව ඔහු ඇමෙරිකාව බලා ගමන් ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...