මට සල්ලි තියෙන බව මම මුළු ජීවිත කාලෙම කියලා තියෙනවා. මට එහෙම ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ – ඇමති ලාල්කාන්ත

Date:

දේශපාලනය කරන සියල්ලන්ම හොරුන් නොවන බවත් තමන්ට නම් මුදල් හදල් ඇති බව තමන් තම ජීවිත කාලය පුරාම ප්‍රකාශ කර ඇති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ප්‍රශ්නය – නලින් හේවගේ අමාත්‍යවරයා පහුගිය මැතිවරණ කාලෙ නම් ප්‍රකාශ කළේ දේශපාලනඥයෙක් ලොකු වාහනයක යනවා නම්, ඉඩම් තියෙනවා නම්, සල්ලි තියෙනවා නම් ඔහු හොරෙක් කියලා. දැන් ඔබතුමන්ලාගෙ අයගෙනුත් මුදල් තියෙන කට්ටිය ගැන විස්තර ඇවිල්ලා තියෙනවා. එතකොට මේගොල්ලොත් හොරු පැත්තෙද ?

“මම නම් මගෙන් ඔය ප්‍රශ්නය අහලා තියෙන මුළු ජීවිත කාලෙදිම මම කියලා තියෙනවා මට වත්කම් තියෙනවා කියලා. මට ඉඩම් තියෙනවා කියලා. මට ගෙවල් දොරවල් තියෙනවා කියලා. මට එහෙම ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ. අදත්, හෙට මම දන්නෙ නෑ … ඉතින් ඒ නිසා මේ දේශපාලනය කරන හැමෝම හොරු නෙවෙයි. අයථා ලෙස මුදල් උපදවාගත්ත අය නෙවෙයි. ඉතින් එහෙම අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් පුළුවන්නෙ අර මොකක්ද උපයාගත්ත විදිහ තහවුරු කරන්න බැරිනම් නීතියෙන් දඬුවම් විඳින්න වෙනවානෙ. ඒවා රජයට පවරාගන්නවානෙ ඇත්තටම. ඒ වගේම තමයි පොදු දේපළ අයථා ලෙස පාවිච්චි කරලා මොනවාහරි කරනවා නම් ඒත් එහෙමයි. සැමට නීතිය ක්‍රියාත්මක කරන සංස්කෘතියක් ගොඩනගලා තියෙන වටපිටාව ඇතුළෙ තමයි මේවා එළියට දාලා තියෙන්නෙ”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 20) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි !

ඊයේ (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය...

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...