NPP අපි යැපෙන්නේ ජනතාවගෙ මුදලින් තමයි. මට බිලියන ගාණක් තිබුණත් ඒ මගේ සල්ලි දේශපාලන වැඩවලට වියදම් කරන්නේ නෑ ! – මනුවර්ණ

Date:

තමන් තම පෞද්ගලික මුදල් කිසිවක් දේශපාලන වැඩවලට වියදම් නොකරන බවත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් සියලු දෙනාම කටයුතු කරන්නේ ඒ ආකාරයෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි.

“පක්ෂයේ ඉන්න සහෝදරවරු යැපෙන්නේ ජනතාවගෙ මුදල්වලින් කියලා තියෙනවානෙ කතාවක්. ඔව්, මාත් එහෙම තමයි. මම මැතිවරණ කළෙත් පක්ෂයෙන් වියදම් කරපු මුදල්වලින්. මම මගේ ගමන් වියදම් බලන්නෙ, මගෙ යන එන වියදම් බලන්නෙ ඒ සියල්ල පක්ෂයෙන් තමයි. සහ එහෙම නැත්නම් අපට ආධාර කරන මිනිස්සු. ඒක එහෙම තමයි. මගෙ ළඟ බිලියන ගාණක් තිබුණත්, මිලියන ගාණක් තිබුණත් මම මගේ අතේ මුදල් මගේ දේශපාලන වැඩවලට වියදම් කරන්නේ නැත. මේක වසන්ත සමරසිංහ සහෝදරයාත් අදාළයි, අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති සහෝදරයාටත් අදාළයි, අගමැති හරිනි අමරසූරිය සහෝදරියටත් අදාළයි. දේශපාලනයට පෞද්ගලික ධනය වියදම් කරලා එනවා කියන්නෙම, මොකටද එන්නෙ ? හම්බකරන්න එන්නෙ … පක්ෂයේ විනය, ක්‍රමවේදය තමයි කිසිම කෙනෙක් තමන්ගෙ පෞද්ගලික මුදල් දේශපාලනයට වැය කළයුතු නැත”

ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මාරස්සන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානය හා සෞදි අරාබිය අතර උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 20 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 20) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි !

ඊයේ (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය...