පාකිස්ථානය හා සෞදි අරාබිය අතර උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 20 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් හා සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් දෙරට අතර උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් (SMDA) අත්සන් කර ඇති බව වාර්තා වේ.

ඊයේ(19)දිනයේදී රියාද්හි අල්-යමාමා මාලිගයේ රාජකීය උසාවියේදී අත්සන් කළ මෙම ගිවිසුම සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මුස්ලිම් ලෝකයේ එකම න්‍යෂ්ටික බලවතා වන පකිස්ථානයේ නියෝජිතයන් සහභාගී වී ඇත.

මෙම ගිවිසුම ඉන්දියාව සහ පාකිස්තානය අතර උත්සන්න වූ ආතතීන් මධ්‍යයේ පන නැගී අතර පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සමබන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙම ගිවිසුම යටතේ එක් රටකට එරෙහි ආක්‍රමණයක් අනෙක් රටට එරෙහි ආක්‍රමණයක් වශයෙන් සලකන බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම්හි තුවක්කුකරුවන් සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කළ අතර, දෙරට අතර දින හතරක ගැටුමක් ඇති වූ අතර දෙපාර්ශවය මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිතා කරමින් එකිනෙකාගේ හමුදා කඳවුරු ඉලක්ක කර ගනු ලැබිය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වූ බව පවසන මැයි 10 වන දින සටන් විරාමයක් ඇති කර ගන්නා ලදී.

ඉන් නතුරුව ඉන්දියාව පාකිස්ථානය හා සමීපව කටයුතු කරමින් මිලිටරි ආධාර ලබා දුන් චීනය කෙරේ වැඩි අවධානයක් දක්වමින් දෙරට අතර සම්බන්ධතා තර කර ගන්නා විට ඇමරිකාවේ සමීපතම සගයකු වන සෞදි අරාබිය කෙරේ පාකිස්ථානය අවධානය යොමුකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...