සටහන – පුලී
සැප්තැම්බර් 20, කොළඹ (LNW): 2005 වසරේ ජනප්‍රිය ගීතයක් වන Jesus Take the Wheel හි සම-රචනය සම්බන්ධයෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්, ග්‍රැමී සම්මානලාභී ගීත රචක බ්‍රෙට් ජේම්ස්, උතුරු කැරොලිනාවේ ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
වනාන්තර ප්‍රදේශයකට කඩා වැටුණු තනි එන්ජිමක් සහිත Cirrus SR22T යානයේ සිටි තිදෙනාගෙන් 57 හැවිරිදි ජේම්ස් එක් අයෙකි.
මැකොන් ප්‍රාන්ත ගුවන් තොටුපළ අසල සිදු වූ මෙම අනතුරෙන් මගීන් තිදෙනාම මිය ගිය බව බලධාරීන් පැවසීය. ගුවන් ගමන් පිළිබඳ දත්ත වලින් පෙනී යන්නේ යානය නැෂ්විල් හි ගුවන් තොටුපළකින් ගුවන් ගත වූ බවයි.
Jesus Take the Wheel සඳහා ග්‍රැමී සම්මානය ජේම්ස් දිනා ගත් ඇතර එය කැරී අන්ඩර්වුඩ් විසින් පටිගත කරන ලද්දකි.