කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් මේ වන විට එහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් කරගැනීමට හැකිවී නැති බව වාර්තා වෙයි.
එම සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිට ඇති බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් සාකච්ජාවෙන් ඉවත් වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමති නියෝජිතයින් තිදෙනෙකු සහභාගීවී සිට ඇති බව සඳහන්.
ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය දක්වා විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක අතර ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම ඇතුළු විදුලි බල කර්මාන්තයට සිදු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලසීම මෙන්ම එම ක්ෂේත්‍රයේ තවත් කටයුතු වෙනුවෙන් හඳුන්වා දී තිබුණු 2024 අංක 35 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත සංශෝධනය සඳහා ගෙන ආ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනතට පසුගිය අගෝස්තු 18 වන දින කතානායකවරයා අත්සන් තැබීය.
සංශෝධිත පනත අනුව දැනට ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත අතර නව ව්‍යුහාත්මක වෙනසක් සමගින් විදුලි බල මණ්ඩලයේ විවිධ අංශ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගම් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරවීමට නියමිතයි.
කෙසේවෙතත් විදුලි සේවකයින් ඊට විරෝධය පළකර තිබෙන අතර නව ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙල හකුළා ගන්නා ලෙස විදුලි වෘත්තීය සමිති බලධාරීන්ට අවධාරණය කරමින් පසුවෙයි.
ආශිකා බ්‍රාහ්මණ
