“හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්” අදාල එදාටද, අදටද ? – විපක්ෂ නායක (VIDEO)

Date:

මේ වන විට ජිනීවාවල මානව හිම්කම් කොමිසම ක්‍රියාත්මක වන අතරවාරයේදී ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් වලටත් මුල් තැනක් ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රටේ ජනතාව ජන අරගලයකින් රාජපක්ෂලා පලවා හැරි බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙත් අද වනවිට සිදුව ඇත්තේ ඔවුන්ව සුරක්ෂිත කරන දොරටුපාලයෙකු බලයට පත්වීම බව ද සඳහන් කළේය.

මේ රටේ ජනතාවට විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය අද වනවිට රාජපක්ෂලාට සම්පූර්ණම වෙන්දේසි වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ පිළිබඳව තමන්ට ම බලවත් කණගාටුවක් ඇති බව ද පැවසීය.

2019 දී ඇතමුන් වේදිකා වලට නැග “හොදට තිබ්බ රටක් අපි වැටිච්චි තැනක් යැයි” පැවසූ බව කී විපක්ෂ නායකතුමා,නමුත් ඒ කතාව වලංගු වන්නේ එදාට ද අදට ද යන්න පිලිබදව බුද්ධිමත් ජනතාවට අවබෝධයක් ඇතැයි ද සිහිපත් කළේය.

යහපාලන වකවානුවේ අනේක වාරයක් අගමැතිකම භාරගන්නා ලෙස තමන් ගෙන් ඉල්ලා සිටියත්, ඒ කිසිදු අවස්ථාවක එය භාර නොගත්තේ ඒ මොහොතේ තමන්ගේ නායකයාට පිටුපෑමේ සහ ද්‍රෝහීවීමේ අපේක්ෂාවක් තමන් තුළ නොතිබූ නිසා බවත්, එදා නීත්‍යානුකූල අගමැති අගමැතිවරයා අරන් දෙන්න වික්‍රමසිංහ මහතා බවත් විපක්ෂ නායකතුමා පැවසීය. එදා තමන් ගත් ප්‍රතිපත්තිය කිසිවිටෙක වෙනස් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා අද මේ රටේ ජනතාවගේ සහ අරගලයේ ශුද්ධ අරමුණු පාවා දෙමින් අනතුරු ගැනීමට තමන්ට කිසි විටෙක අපේක්ෂාවක් නොතිබූ නිසා ජනාධිපති අගමැති ධුර භාර නොගත් බව ද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (18) පැවති සමගි ජන බලවේගය බලවේගයේ කොළඹ දිස්ත්රික්කයේ කොළොන්නාව ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි. එය සංවිධානය කළේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් මහතා විසිනි. අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...