එයාලට ඕන විදියට ඔක්කොම කරලා ජාතික සභා අටවලා මොකටද – අනුර

Date:

රටේ අර්බුද විසඳීම සඳහා විපක්ෂය ජාතික සභාවක් පිහිටුවීමට යෝජනා කළේ ප්‍රධාන කරුණු ගණනාවකින් සමන්විතව බවත්, කෙසේ නමුත් ආණ්ඩුව යෝජනා කරන ජාතික සභාව හුදෙක් ආණ්ඩුවට එරෙහිව එල්ල වන අභියෝග සමනය කිරීම සඳහා වන ඇටවිල්ලක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික සභාව පිහිටුවීමට අදාල යෝජනාව පිළිබඳ විවාදයට සහභාගිවෙමින් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

ජාතික සභාව පිහිටුවන්නේ නම් ඒ යටතේ යම් නිශ්චිත කාලයකට අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත්කළ යුත්තේ අන්තර්කාලීන ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ නමුත් දැන් සිදුව තිබෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය පුද්ගලයන්ට අගමැති, කැබිනට් ඇමති තනතුරට ලබා දී ඉනුදු නොනැවතී රාජ්‍ය ඇමති තනතුරු 38 ක්ද පත් කිරීමෙන් අනතුරුව බව අනුර දිසානායක මහතා පවසනවා.

තමන්ට එල්ල වන තර්ජන සහ අභියෝග හමුවේ ජාත්‍යන්තරව සහ ජාතිකව එල්ල වන පීඩනය සමනය කර ගැනීම සඳහා පිහිටුවන මෙවැනි නාමික සභාවකින් රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳිය නොහැකි බවද ජාතික ජන බලවේගයේ නායකයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...