එංගලන්තෙ ගිය රනිල් ඩයස්පෝරාවත් හම්බ වෙලා !

Date:

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල උත්සවය සඳහා සහභාගිවීමට එංගලන්තයට ගිය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් එරට රැඳී සිටී.

රැජිනගේ අවමගුල් උත්සවයට පෙර බ්‍රිතාන්‍යයේ දෙවැනි චාල්ස් රජු හමු වූ ජනාධිපතිවරයා නව රජුට සුබපැතුම් පිරිනමා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අද බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවද හමු වූ බවයි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම හමුව සඳහා එරට රැඳී සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, වෘත්තිකයන් රැසක් සහභාගි වී තිබෙනවා.

ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර ඇති ජනාධිපතිවරයා, මෙරට තුළ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සමග එක්වන ලෙස ඔවුන්ට ආරාධනා කර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...