*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

ලොව වැඩිම වයස්ගත ජනගහනය ජපානයේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික දත්ත වාර්තාවන් වලට අනුව, ඉතිහාසයේ පළමු වරට ජපාන වැසියන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් අවුරුදු 80 හෝ ඊට වැඩි බවට හෙළි වී ඇත.

ඒ අනුව මිලියන 125ක් වූ ජපාන ජනගහනයෙන් 29.1% වයස අවුරුදු 65 හෝ ඊට වඩා වැඩි පුද්ගලයින්යැයි එම ජාතික දත්ත වාර්තාවන් උපුටා දක්වමින් පෙන්වා දෙන බව, වි‍දෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව අඩුම උපත් අගයක් සහිත රටවල් අතරින් එකක් ලෙස සැලකෙන්නේද ජපානයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අවුරුදු 65 හෝ ඊට වැඩි වයසේ ජනතාව රටක වැඩිහිටි ජනගහනය ලෙස සැලකෙන අතර , ඒ අනුව ලොව වැඩිහිටි ජනගහනය වැඩිම රට ලෙස ජපානය සැලකේ.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවනේ 24.5%ක වැඩිහිටි ජනහනයක් සිටින ඉතාලිය වන අතර , 23.6% ක ජනගහනයක් වාර්තාවන ෆින්ලන්තය ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ.

ජනගහන සහ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික පර්යේෂණායතනයට අනුව 2040 වනවිට ජපාන ජනගහනයෙන් 34.8% ක් වයස අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි ජනගහනය වන බවට ගණන් බලා ඇති අතර, එරට ජාතික ශ්‍රම බලකායෙන් 13% ක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජනහනය විසින් නියෝජනය කරනු ලබයි. ජපානයේ අසල්වැසි රටවල් ඇතුළු බොහෝ රටවල උපත් අනුපාතිකය මන්දගාමී වන නමුත් ජපානයේ මෙය උග්‍ර තත්ත්වයක පවතී.

පසුගිය වසරේ ඇස්තමේන්තු කිරීම්වලට අනුව ජපානයේ උපත ලද ළඳරුවන් සංඛ්‍යාව 800,000 කට වඩා අඩු වන අතර මෙය සැලකෙන්නේ ,වාර්තා වූ අඩුම උපත් සංඛ්‍යාව මෙය වන අතර, 1970 ගණන්වලදී එම අගය මිලියන 2කට වඩා වැඩි වී ඇති බවයි වාර්තා පෙන්වන්නේ, තවද, තම රටේ උපත් අනුපාතය අඩුවීම නිසා සමාජයක් ලෙස ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයක පසුවන බව අග්‍රාමාත්‍ය Fumio Kishida මෙම වසර ආරම්භයේදී පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan