*
Friday, May 10, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවේ විවාද කරලා වැඩක් නැහැ.පරණ නිලධාරීන් නැවත කැඳවල විමර්ශන ආරම්භ කරන්න!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වූවාට එම වින්දිතයින්ට සාධාරණයක් ඉටුනොවන බව කතෝලික සභාව වෙනුවෙන් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළහ.

ඒ, අද (20) කොළඹදී කතෝලික සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

පාස්කු විමර්ශන සාධාරණ ලෙස ඉදිරියට යාමට නම් එම විමර්ශන සිදුකරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කළ නිලධාරීන් නැවත කැඳවිය යුතු වන බවයි පියතුමා සඳහන් කළේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන ප්‍රසන්න අල්විස් නමැති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කිරීමෙන් පසුව එම විමර්ශන අඩාල වූ බවද සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළහ.

”හෙට සහ අනිද්දා පාස්කු ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තුවේ විවාදයක් තියෙනවා. නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු සම්මන්ත්‍රණයට ගේන්න හදපු එකට විපක්ෂය විරෝධය පළකළා. නිලන්ත කියන්නේ පාස්කු ප්‍රහාරය වළක්වාගන්න තොරතුරු තිබියදී ඒක වළක්වගත්තේ නෑ කියලා චෝදනා එල්ල වෙච්ච කෙනා. ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පවරන්න කියලා නීතිපතිට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලිව නියෝගයක් ලබාදිලා තියෙනවා ඔහු වන්දියක් ගෙවිය යුතුයි කියල. ඒවගේ වැරදිකරුවෙකු පාස්කු ප්‍රහාරය පිළිබද කරුණු දක්වන්න ආරාධනා කරපු එක ඇතුලේ සත්‍ය වසන්කිරීමේ උවමනාවක් තියෙන බව පැහැදිලියි. එය විහිලු සහගත ක්‍රියාවක්. ඒක පිටුපස තියෙන්නේ සත්‍ය වසන් කිරීමේ උවමනාවක්. පසුව ඒ කරුණු ඉදිරිපිත් කිරීම කරලා තියෙන්නේ ප්‍රසන්න අල්විස්.ප්‍රසන්න අල්විස් කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය කරමින් හිටි අය ඉවත්කරලා අධ්‍යක්ෂ ලෙස පත්කළ කෙනා. ඔහුට තියෙනවා චෝදනාවක් ඒ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබද සාක්ෂි විනාශ කළා කියල. ඔහු පත්කළාට පස්සේ මේ විමර්ශන ඉදිරියට ගියේ නෑ. මෙහෙම කරනවා කියන්නේ පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කිරීමක්. මේකෙන් පේනවා මේ රජයේ උවමනාව. පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීම තමයි උවමනාව කියන එක පැහැදිලියි. මෙවැනි කරුණු දැක්වීමක් කරන්නේ පාස්කු විමර්ශන අවසන්කරලා නෙවෙයි. එකිනෙකා චෝදනාකරගෙන පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ. කළ යුතු වන්නේ ස්වාධීන විමර්ශනයක් සිදුකරන එක. ඒක වෙන්න නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කළ නිලධාරින් නැවත එයට ඇතුල් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ විවාද කළා කියලා ලොකු ප්‍රයෝජනයක් නැහැ. පාර්ලිමේන්තුවේ විවාද කරලා වැරදිකරුවන් හොයන්න බෑ. තව ටිකක් මේක ඇදගන යන්න කරන දෙයක් මේක. මෙයාලට ඕන මේක කාපට් එක යට හංගන්න.’‘ යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan