ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය: මීළඟ ජනාධිපති කවුරුන් විය හැකි ද?

Date:

ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා මෙරට පළමු පුරවැසියා ලෙස හඳුන්වනු ලබන අතර ඔහු රාජ්‍ය නායකයා සහ රජයෙහි ද ප්‍රධානියා වනවා.ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය ලෙසයි සැළකෙන්නේ.

ජනාධිපති තනතුර 1972 වසරෙහිදී වඩාත් කතා බහට ලක්වූ අතර එවකටදී එය සම්මාණනීය තනතුරක් ලෙසයි හඳුන්වා ඇත්තේ.

ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි මෙම තනතුර වෙත විධායක බලය එක් කරනු ලැබුවා.

ඒ අනුව 1978 වසරේදී සකසන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු පළමු වරට තෝරා ගැනීම සිදු කෙරුණේ 1982 වසරේදීයි.

හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන (ජුනියස්‌ රිචඩ් ජයවර්ධන) මූලික වී සකසන ලද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලතල අනුව “ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි” යැයි ද සඳහන් වුණා.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහිවුණ අතර ඉන් වසර කිහිපයක් ඉකුත්ව ගිය තැන දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය කෙරුණා.

එලෙස 1978 වසරේ බිහිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ දක්වා සංශෝධන 19ක් හඳුන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ මැතිවරණ හතක් පවත්වා ඇති අතර ඒ අනුව ඉතිහාසයේ සිට මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ විධායක ජනාධිපතිවරුන් ගණන 08ක්.

1 වන විධායක ජනාධිපති – ගරු ජේ.ආර්.ජයවර්ධන මහතා

Monara

2 වන විධායක ජනාධිපති – ගරු රණසිංහ ප්‍රේමදාස මහතා

Monara

3 වන විධායක ජනාධිපති – ගරු ඩී.බී.විජේතුංග මහතා

Monara

4 වන විධායක ජනාධිපති – ගරු චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය

Monara

5 වන විධායක ජනාධිපති – ගරු මහින්ද රාජපක්‍ෂ මහතා

Monara

6 වන විධායක ජනාධිපති – ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා

Monara

7 වන විධායක ජනාධිපති – ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා

Monara

8 වන විධායක ජනාධිපති – ගරු රනිල් වික්‍රමසිංහ මහතා

Monara

ඒ අනුව අද (21) පැවැත්වෙන්නේ මෙරට නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීමයි.

ඉතිහාසය පුරා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කළත්, බොහෝ අවස්ථාවල එය ප්‍රධාන පක්ෂ දෙකක් අතර අපේක්ෂකයන් දෙදෙනකුගේ සටනක් ලෙස පෙනෙන්නට තිබුණා.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග කරනු ලබනවා.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරයා කවුරුන් විය හැකිද..?

තීරණය ඔබ සතුයි..

Monara
මූලාශ්‍ර – බීබීසී සිංහල සේවය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...