නේතාංගිගෙන් ඉසුරුමත් කඩුලු රැකිමක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 21, කොළඹ LNW:

ශ්‍රි ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති පළමු තරගයෙන් ලකුණු 25 ක් ජයක් ලබන්නට සමත් වෙනවා.රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පාදක කරගෙන පැවත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය තුළ කැපී පෙණුනම සිඳු වීම වූයේ කඩුල්ල පිටුපස සිට නේතංගි ඉසුරාංජලී ඔස්ට්‍රේලියානු පිතිකාරීන්යන්ට එල් කළ පීඩනයයි.
ලාංකේය කාන්තා ක්‍රිකට් පිටියේ ස්වර්ණමය සළකුණක් වන රත්ගම දේවපතිරාජයේ ක්‍රීඩිකාවක් වන නේතංගිට ක්‍රිකට් පිටියට එන්නට මාර්ගය සැකසෙන්නේ දේවපතිරාජය වගේම ඇයගේම සොහොයුරිය ද නිසයි.නෙතංගි සමඟ මෙම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන පන්දු යැවීම ප්‍රමුඛ කර ගත් තුන් ඉරියම් ක්‍රීඩිකාවක් වන රශ්මි නේත්‍රාංජලී,නේතාංගි ගේ වැඩිමහල් සොහොයුරියයි.


ශ්‍රී ලංකාවට ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් හමුවේ රැක ගැනීමට තිබුණු ලකුණු ප්‍රමාණය වුණේ 133 ක්.එය හඹා යන මොහොතේ දී එම උත්සාහය ව්‍යර්ථ කරන්නට කඩුල්ල පිටුපස සිට සිය දායකත්වය ලබා දුන් නේතාංගි පිතිකාරිනියන් පස්දෙනෙකුම දවා ගන්නට හවුන් වුණා.
මෙහිදී ඔස්ට්‍රේලියාව එක මොහොතක 15 වන ඕවරයේ දී කඩුලු 2 ක් දැවී ලකුණු 82 ක් ලබා සිටියා.මුල් කඩුලු 2 ලකුණු 21 දි අහිමි වුණත් එමි පවෙල් (39) සහ ෂිලෝ ජුලියන් (28) තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් එක් කළා.එහෙත් 15 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට ෂිලෝ ජුලියන්ව ස්ටම්ප් කිරීමකින් දවා ගන්නට නේතංගි සමත් වුණා.විශේෂත්වය වන්නේ ඒ වන විට දැවුණු කඩුලු 3 ම ස්ටම්ප් කිරීමෙන් දැවී ගිය කඩුලු වීමයි.තවත් ලකුණක් එක් වෙද්දී එමිලි ද සිව්වන කඩුල්ල හැටියට දැවී යන්නේ ද ස්ටම්ප් කිරිමකටම හසුවයි.


නේතංගි විසින් ස්ට්ම්ප් කිරීමෙන් දවා ගත් කඩුලු 5 අතර චමුදි ප්‍රමෝධ්‍යාගේ පන්දු ඉදිරියේ දවා ගත් කඩුලු 2 ක් ද,ශෂිනි ගිම්හානි,අසිනි තලගුණේ සහ ප්‍රමුදි මෙත්සරා විසින් ලබා ගත් කඩුල්ල බැඟින් ද තිබෙනවා.ශ්‍රී ලංකාවේ මොණරාගල බට්ටි නමින් වඩාත් ප්‍රකට චමුදි ප්‍රමෝධ්‍යා තරගයේ ආරම්භක පන්දු යවන්නිය ලෙස ක්‍රියාත්මක වෙමින් ඔස්ට්‍රේලියාවට ප්‍රබලම තර්ජනය එල්ල කළ පන්දු යවන්නිය වූවා.ඇය ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.අසෙනි තලගුණේ ද කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ අතර ඇය ඒ සඳහා ලකුණු 25 ක් ලබා දුන්නා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණියන් ලෙස සංජනා කාවින්දි (62) සහ විමෝක්ෂා බාලසූරිය (21) ලකුණු 88 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.සංජනා පන්දු 46 දී ලබා ගත් ලකුණු 62 වෙනුවෙන් හයේ පහර 3 ක් සහ හ6 ක් එල්ල කරන්නට සමත් වුණා.විමොක්ෂා බාලසූරිය හොඳ සබඳතාවයක කොටස්කාරියක වූවා ට ඇය සිය ලකුණු 21 වෙනුවෙන් පන්දු 43 ක් වැය කළා.ඇය මුහුණ දුන් පන්දු 27 ක් ම ලකුණු නොලැබුණු පන්දු ලෙස සටහන් වුණා.මෙම ලකුණු නොලැබුණ පන්දුවලින් අඩකට හෝ කෙටි ලකුණු ලබා ගන්නට විමෝක්ෂාට හැකි වූවේනම්,ශ්‍රී ලංකාවට ලකුණු 150 සීමාවේ රැඳෙන්නට ඉඩ තිබුණා.එසේම සංජනාට තවත් සැහැල්ලුවෙන් පහර දෙන්නට ද තිබුණා.

මෙහිදි අවධානය යොමු කළ යුතුම කාරණය වන්නේ විස්සයි විස්ස තරග අකෘතියක පන්දු ඕවර් 7.1 පන්දුවක් තුළ ලකුණු 21 ක් වාර්තා වීමයි.පන්දු ඕවර් ගණනෙන් ගණන් සකසා ගතහොත් පන්දු ඕවර් 7.4 දී සංජනා ලකුණු 62 ක් රැස් කිරිම සහ මනුදි නානායක්කාර පන්දු ඕවර් 3.1 දී ලකුණු 28 ක් රැස් කිරීම සිදු නොවුණානම් ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුවට 133 දක්වා හෝ යන්න ලැබෙන්නේ නැහැ.මනුදි සහ සංජනා මුහුණ දුන් පන්දු ප්‍රමාණය පන්දු ඕවර් ලෙස ගතහොත් පන්දු ඕවර් 10.5 ට ඔවුන් රැස් කර තිබෙන ලකුණු ගණන 90 ක්.ඒ නිසා ඉදිරි තරගවලදී විශේෂයෙන් විමෝක්ෂා නිලකුණු පන්දු ප්‍රමාණය අවම කර ගැනීම ගැන කල්පනා කළ යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...