එක්ස්ප්‍රස් පර්ල් විමර්ශන අවසන් නෑ – නීතිපති අධිකරණයට දන්වයි

කොළඹ වරාය ආසන්න සාගර කලාපයේදී ගිනිගෙන ගිලුණු පර්ල් එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

නෞකාව ගිනි ගැනීමේ සිදුවීමට අදාලව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ කැඳවා තිබූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විමර්ශනවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කළේය.

පරීක්ෂණ අවසන් අදියරේ තිබෙන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ පරීක්ෂණ කටයුතු අවසන් කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම සලකා බැලූ දමිත් තොටවත්ත මහතා නඩුව නොවැම්බර් 23 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අතර විමර්ශනවල ප්‍රගතිය එදිනට වාර්තා කරන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

මෙම නඩුවේ වගඋත්තකරුවන් ලෙස, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනෙකු නම්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...