*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

බොරු බොරු ඔක්කොම බොරු, ඇෆ්ලටොක්සිනුත් නෑ මන්දපෝෂනෙත් නෑ බුද්ධ පූජාව හොරෙන් කන්නෙත් නෑ !

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයේදීම දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවිය. ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම් හේතුවෙනි.

කුඩා දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුව තිබියදී කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල පිළිකාකාරක රසායන අඩංගු බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අනාවරණය කර තිබිණි. මේ සම්බන්ධයෙන් විපක්ෂය අද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

කෙසේ නමුත් අමාත්‍යවරයා පවසන්නේ එම චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. එය ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, ඊයේ දිනයේදී මේ පිළිබඳව තමා විමසා බැලූ බවත් රඹුක්වැල්ල මහතා පවසනවා.

ඇෆ්ලටොක්සීන් පිළිකාකාරයක අඩංගු ත්‍රිපෝෂ ලබා දී ඇති බවට සමාජය තුළ අනවශ්‍ය බියක් පැතිරීමට උත්සාහ දරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

මේ අතර සූරියවැව ප්‍රදේශයේ පවුල්වල දරුවන්ගෙන් 80% කට වැඩි ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයක් අනාවරණය කර තිබූ අතර එයද සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව ඇමතිවරයා පවසනවා. ඒ පිළිබඳව අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය බළධාරීන්ගෙන් තොරතුරු ලබාගත් බවත් ඔවුන්ට අනුව එවැනි බරපතල අවදානමක් නොමැති බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.

ළමා පරපුර පිළිබඳව අසත්‍ය තොරතුරු ගණනාවක් ඇතැම් පිරිස් හිතාමතාම සමාජගත කරමින් සිටින බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ කුසගින්න දරාගත නොහැකිව පාසල් දරුවන් පන්සල්වලට පැන හොරෙන් බුද්ධ පූජාව කෑමට පෙළඹී සිටින බවට එල්ල වන චෝදනාවද එවැන්නක් බවයි. එක් හුදෙකලා සිදුවීමකින් සමස්තයම විග්‍රහ කිරීම අසාධාරණ බවද සෞඛ්‍ය අමැතිවරයා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan