සටහන – රුවන් නෙළුගොල්ල
වැඩිම වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා 4G සංඥා කුලුණු 1000ක් ඉදිරි වසර තුන තුළ රටපුරා ඉදිකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“වැදගත්ම දේ අපේ ඩිජිටල්කරණ ක්රියාවලිය. ආණ්ඩුවත් එක්ක කරන්න තියෙන ගොඩක් වැඩ ගෙදර ඉඳන් කරන්න පුළුවන් වෙන විදියට මේ ඩිජිටල් පද්ධතිය සවිමත් කරනවා. ඒ ඩිජිටල් පද්ධතිය සවිමත් කරනකොට හැබැයි සිග්නල් තියෙන්න ඕනෙ. වහලෙට නගින්න, කන්ද උඩට නගින්න, ෆෝන් එක ඔබ ඔබා වටේ දුවන්න … එහෙම වැඩක් නෑනෙ. ඒ නිසා අපි ඉදිරි අවුරුදු 3 ඇතුළත වැඩිම වේගවත් ඉන්ටනෙට් ජාලය 4G ලංකාව පුරාම ආවරණය දෙන්න අලුතින් කුලුණු 1000ක් ගහනවා. ලබන අවුරුද්දට අපි කුලුණු 250ක් වෙන් කරනවා, අවුරුදු 3ක් ඇතුළත කුලුණු 1000ක් ගහලා මුළු රටම ආවරණය කරනවා. එතකොට තමන්ට ගෙදර ඉඳන් මේ කාර්යයට මැදිහත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මොකක්ද ? එක පැත්තකින් අපි අලුත් දේශපාලන පරිවර්තනයක් ඇති කරනවා, අනිත් පැත්තෙන් ජනතාවගේ ජන ජීවිතයේ ඇතිවී තිබෙන ගැටලුවලට අපි විසඳුම් හොයමින් තිබෙනවා”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) අකුරැස්සේදී පැවති “අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” ජනහමුව අමතමිනි.


