රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්රදේශයේදී බස් රථ සහ මෝටර් රථ ඇතුළු වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදුව තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
අනතුර හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට වන මංතීරුවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර, රථවාහන ගමනාගමනය පාලනය කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
තදබදය අවම කිරීම සඳහා ගාල්ලේ සිට පැමිණෙන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට යොමු කිරීමට කටයුතු කර තිබේ.

