දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී බස් රථ සහ මෝටර් රථ ඇතුළු වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදුව තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට වන මංතීරුවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර, රථවාහන ගමනාගමනය පාලනය කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

තදබදය අවම කිරීම සඳහා ගාල්ලේ සිට පැමිණෙන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට යොමු කිරීමට කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...