ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20) ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වුණා. ඒ චීන උප අගමැති He Lifeng මහතා, ඇමරිකානු මුදල් ලේකම් Scott Bessent මහතා සහ එරට වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙන්.
දෙරට නායකයින්ගේ එකඟතාවන්ට අනුව අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී යහපැවැත්ම, පොදු ජයග්‍රහණය පිළිබඳ මූලධර්මය මත එම සාකච්ඡා පවත්වා තිබෙනවා.

මීට පෙර පැවති සාකච්ඡාවලින් ලද පොදු අදහස් හා ද්විපාර්ශ්වික වෙළඳ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු පොදු අවධානයට ලක් වන ආර්ථික හා වෙළඳ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...

උස්බෙකිස්ථානයේ Centrum Air ඔක්තෝබර් අග සිට මත්තලට ගුවන් ගමන් අරඹයි!

කොළඹ LNW:උස්බෙකිස්තානයේ Centrum Air ගුවන් සේවය 2026/27 උතුරු ශීත...