ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20) ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වුණා. ඒ චීන උප අගමැති He Lifeng මහතා, ඇමරිකානු මුදල් ලේකම් Scott Bessent මහතා සහ එරට වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙන්.
දෙරට නායකයින්ගේ එකඟතාවන්ට අනුව අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී යහපැවැත්ම, පොදු ජයග්‍රහණය පිළිබඳ මූලධර්මය මත එම සාකච්ඡා පවත්වා තිබෙනවා.

මීට පෙර පැවති සාකච්ඡාවලින් ලද පොදු අදහස් හා ද්විපාර්ශ්වික වෙළඳ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු පොදු අවධානයට ලක් වන ආර්ථික හා වෙළඳ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...