විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද (21) කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...

විවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව...