රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පූර්ණ සූදානමකින් පසුවන අතර, හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම වෙනුවෙන් සමස්තයක් ලෙස සහන කණ්ඩායම් 171ක් සන්නද්ධ කර ඇති අතර, ඉන් කණ්ඩායම් කිහිපයක් දැනටමත් දිවයිනේ දකුණු සහ බටහිර කලාපවලට අනුයුක්ත කර තිබේ.
විශේෂයෙන්ම ගාල්ල, මාතර, රත්නපුර සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල පිහිටි අවදානම් සහිත ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ කණ්ඩායම් ස්ථානගත කර ඇති බව සඳහන් වේ.
ජන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් දියත් කර ඇති මෙම කල්තියා සූදානම් වීමේ වැඩපිළිවෙළ හරහා ඕනෑම හදිසි තත්ත්වයකදී කඩිනම් සහන සේවා සැපයීම අරමුණු කෙරේ.


