ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පූර්ණ සූදානමකින් පසුවන අතර, හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම වෙනුවෙන් සමස්තයක් ලෙස සහන කණ්ඩායම් 171ක් සන්නද්ධ කර ඇති අතර, ඉන් කණ්ඩායම් කිහිපයක් දැනටමත් දිවයිනේ දකුණු සහ බටහිර කලාපවලට අනුයුක්ත කර තිබේ.

විශේෂයෙන්ම ගාල්ල, මාතර, රත්නපුර සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල පිහිටි අවදානම් සහිත ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ කණ්ඩායම් ස්ථානගත කර ඇති බව සඳහන් වේ.

ජන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් දියත් කර ඇති මෙම කල්තියා සූදානම් වීමේ වැඩපිළිවෙළ හරහා ඕනෑම හදිසි තත්ත්වයකදී කඩිනම් සහන සේවා සැපයීම අරමුණු කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...