ඩයලොග් පිම්මක් ඉදිරියට එමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Apple iPhone සඳහා 5G සක්‍රීය කරයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): 2018 වසරේ 5G හැකියාවන් ප්‍රදර්ශනය කළ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විදුලි සංදේශ සේවා සපයන්නා වන Dialog Axiata PLC නැවත වරක් රට තුළ 5G සන්ධිස්ථානයක් අත්කර ගනියි.

එහි 5G අත්හදා බැලීමේ ජාලය හරහා Apple iPhone භාවිතා කරන්නන් වෙත 5G සම්බන්ධතාවය දීර්ඝ කරන පළමු අවස්ථාව බවට මෙය පත්වන බව සමාගමේ බලධාරීහු පවසති.

Apple iPhone මාදිලි 12 සහ ඉන් ඉහළ සහ iOS හි නවතම අප්ඩේට් එක (17) ඇති පරිශීලකයින්ට දැන් 5G හි බලය සහ අකුණු සැරක් මෙන් වේගයෙන් කරගත හැකි ඩවුන්ලෝඩින් සහ Dialog මත 1Gbps දක්වා අප්ලෝඩ් කිරීමේ වේගය අත්විඳිය හැකිය.

Dialog දිවයින පුරා ස්ථාන 70කට අධික සංඛ්‍යාවක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම 5G අත්හදා බැලීමේ ජාලය වී හමාරය.
මෙම සේවාව කොළඹින් ලබා ගත හැකි අතර රට පුරා තෝරාගත් නගර, ස්ථාන www.dialog.lk/5g මෙමඟින් ඔබට බලාගත හැක.

මෙම වැදගත් අවස්ථාව සැමරීම සඳහා, Dialog විසින් සිය Apple iPhone පාරිභෝගිකයින්ට Dialog හි 5G අත්හදා බැලීමේ ජාලයේ 5G හි හැකියාවන් ගවේෂණය කිරීම සඳහා මාසිකව 5GB නොමිලේ Data පිරිනමයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවා සපයන්නා වන Dialog Axiata ස්වාධීන 5G (5G SA) ජාල සාර්ථකව අත්හදා බලන දකුණු ආසියාවේ ප්‍රථම සමාගම බවට හිමිකම් කියයි.

“5G ස්වාධීන ජාලය සාර්ථකව ක්‍රියාත්මක කිරීම රට තුළ පමණක් නොව දකුණු ආසියානු කලාපයේ ද සම්බන්ධතා යටිතල පහසුකම් දියුණු කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි” Dialog Axiata හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසයි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...