Tuesday, December 12, 2023
spot_img

Latest Posts

වසර හතරකට පසුව ආසියානු තරග බිමේදී යළි ජාත්‍යන්තර තරග බිමට එන ඉරාන ජූඩෝ

ඊශ්‍රායල ක්‍රීඩකයෙකුට එරෙහිව තරග වැදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉරාන ජූඩෝ බලධාරීන් 2019 ටෝකියෝ හී පැවති ලෝක සූරතාවලියේදී ඉරානයේ සශීඩ් මොල්ලායි හට බලපෑම් කිරීම නිසා තහනමට ලක් වූ ඉරාන් ජූඩෝ ක්‍රීඩාව මෙවර චීනයේ පැවත්වෙන ආසියානු ක්‍රීඩා එළි උළෙලේදී යළි පිටියට ඒමට නියමිතයි.
කිග්‍රෑම් 81 බර පංතියෙන් තරග වැදුණ මොල්ලායිට තරග නොවදින ලෙස ඉරාන ක්‍රීඩා බලධාරීන් විසින් බලපෑම් කර ඇත්තේ එම තරගාවලියේ රන් පදක්කම දිනූ ඊ්‍රශ්‍රායල් ක්‍රීඩක ෂාගි මුඛීට එරෙහිවයි.ඉරානයේ ආගමික නායක අයතුල්ලා කොමෙයින්ගේ සමයේ දැඩිව ඇති කළ ආගමික බේද භින්නතා හේතුවෙන් ඉරානය නව ලෝකය සමඟ සම්බන්ධ වීමේදී ඒ රටවල අභ්‍යන්තර ආගමික තත්ත්වයන්ට විරෝධය දැක්වීම සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අතර එය ඉරානය ක්‍රීඩා පිටියටද නරක අන්දමින් රැඟෙන විත් ඇත.2004 වසරේදී අරාශ් මිරෙස්මයිලි ලෝක සූරයාව සිටියදී ද,ඇතන්ස් ඔලිම්පික් උළෙලේ දී ඊශ්‍රායල් ක්‍රීඩක එහුඩ් වැක්ස් සමඟ සටන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.


මේ තත්ත්වය වඩාත් නරක අතට ගමන් කරන්නේ 2004 දී ක්‍රීඩා පිටිය තුළ තිබිය යුතු මිත්‍රශිලි එකඟතාවයන්ගෙන් බැහැරව යමින් ඊශ්‍රායල් ජාතිකයා සමඟ තරග වැදීම 2004 දී ප්‍රතික්ෂේප කළ අරාශ් මිරෙස්මයිලි ඉරානයේ ජූඩෝ සභාපතිවරයාව සිටීම නිසාය.ඔහු 2019 දී ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය ඉරානයට එරෙහි තීරණය ගත් විට “අපි ස්ථාවරයෙන් අඟලක්වත් පසුබසින්නේ නැති අතර අපි මෙම තර්ජනයට එරෙහිව පූර්ණ ශක්තියෙන් නැගී සිටිමු.” යනුවෙන් පැවසීය.


නමුත් ලෝකය අන්තවාදය දෙසට ගමන් කිරීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රිඩාවේ මිත්‍රශීලි යහගුණය අපේක්ෂාවෙන් ඉරානයේ ප්‍රතික්ෂේප කිරීම අනුමත නොකළේය.අවසානයේ ක්‍රීඩාව සඳහා බේරුම්කරණ අධිකරණයට (CAS) හරහා යම් සහනයක් ලෙස සිව් වසරක් දක්වා තමන්ගේ තහනමේ කාලය අඩු කර ගත් ඉරානය අද පවසන්නේ ඒ වසර හතර දැඩි වේදනාකාරී එකක් වූ බවය.පවසන්නේ පසු නොබසින බව කී,2004 දී ඔලිම්පික් උළෙලේ දී මෙන්ම 2019 දී ත් ක්‍රීඩාවේ ගුණ ධර්ම නොතකා හරිමින් වැඩ කළ අරාශ් මිරෙස්මයිලි ය.


අලුත් නිදහස සමඟ ඉරානය නියෝජනය කරමින් ක්‍රිඩකයින් තිදෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනයට චීනයට යැවීමට ඉරානය සූදානමින් සිටින්නේය.මේ අතර 2019 දී ඉරාන ජූඩෝ බලධාරීන් විසින් ඊශ්‍රායල් ක්‍රිඩකයා සමඟ තරග නොවදින ලෙස බලපෑම් සිදු කළ මොල්ලායි සිය ජිවිත ආරක්ෂාව සළසා ගැනීම වෙනුවෙන් යුරෝපයේ රැකවරණය ලබා ගෙන ඇත.මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මොල්ලායි ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.