Thursday, December 7, 2023
spot_img

Latest Posts

ආසියානු කෙළි බිමට වෙනත් වර්ණයකින් බසින ශ්‍රී ලංකා රගර් කණ්ඩායම

ආසියානු සත් සාමාජික තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යන්නේ ආසියානු ඔලිම්පිත් කවුන්සිලයේ කණ්ඩායම හැටියට තරගාවලියට එක්වීමේ අපේක්ෂාවෙන්ය.මේ තරගාවලියට යාමට පෙර සිටම ශ්‍රී ලංකාවට ජය ගැනීමට බාධක තිබිණ.ඒ අසාධාරණ ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ ආසියානු රගර් සංගමය ඇති කළ බලපෑම් හේතුවෙන්ය.
ආසියාවේ රගර් ක්‍රීඩා කරන රටක් හැටියට වසර සියයකට වැඩි ඉතිහාසයක් ඇති ලංකාවට ඉන් පහෙන් පංගුවක තරමේ කාලයක රගර් ඉතිහාසයක් ඇති රටක අයෙක් සභාපති පදවියට ආ පසුව සිය ස්වාධීනත්වය හකුලාගෙන කටයුතු කරන්නට ආ බලපෑම් නිසා මේ තත්ත්වය උද්ගත විය.ආසියාවේ සභාපතිවරයාගේ උවමනාව මත ශ්‍රී ලංකාවේ රගර්වල හැසිරීම සිදු විය යුතු බව සිතූ උද්ධච්ඡකම මෙන්ම,රටේ තමන් ක්‍රිඩාවට තමන්ගේ ගේම් ගහන්න බලය අපේක්ෂා කරන පිරිස් ඒ අවශ්‍යයතාවයන් සපුරා ගැනීමට ආසියානු සභාපතිවරයාට චාමර පවන් සලන්නට දෙපසින් තරගයට රොක් වීම නිසා ද ශ්‍රී ලංකාවේ දේශපාලනය ඒ වෙනුවෙන් ආශිර්වාද කිරීම නිසා ද,ශ්‍රී ලංකා රගර් වෙත ස්වීය ස්වාධීනත්වය සහ අභිමානය රැක ගැනීමට විශාල සටනක් කරන්නට සිදු විය.
රටේ නීතිය එහිදී සාධාරණය සහ යුක්තිය ඉටු කළ අතර,ලෝක රගර් සම්මේලනය මේ බලපෑමේ ඇති අශුද්ධ තත්ත්වය පදනම් කරගෙන දේශපාලන බලපෑම් එල්ල වෙන බව කියමින් ශ්‍රී ලංකාවේ රගර් තහනමට ලක් කළේය.නමුත් ජාතික ඔලිම්පික් කමිටුව ඊට මැදිහත් වී ආසියානු ඔලිම්පික් කමිටුවේද සහය ඇතිව ජාත්‍යන්තර රගර් සම්මේලනයේ ආශිර්වාදයද පදනම් කරගෙන ආසියානු රගර් සම්මේලනයේ උවමනාවට තදින් පහර දී පසුපසට තල්ලු කර දමන්නට හැකි විය.ඒ නිසා සුළු ස්වයං වින්දනයකට ආසියානු සභාපතිවරයාට සහ ශ්‍රී ලංකාවේ රගර් ආසියානු පිටියෙන් හකුලා තමන්ගේ ඇරියස් සහ නොහැකියාවන් අභිබවා ශ්‍රී ලංකා රගර් ඉදිරියට ගෙන යන්නට උථ්සාහ දරන රගර් පරිපාලනයට රට ගැන නොසිතා අංචි හදන්නට හැදූ පිරිස්වලට ද ඉඩ දෙමින්, සිංහයා රහිතව ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩකයෝ රට නියෝජනය කරති.
නමුත් එහි ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයෝය.ඒ අය මෙහෙය වූ පරිපාලනය සහ ඒ අය ඉදිරියට තල්ලු කිරීමේ සැළසුම් ඉදිරිපත් කළ පහසුකම් සම්පාදනය කළ ව්‍යහුය අයත් ශ්‍රී ලංකා රගර් වෙතමය.කොඩිය,ජාතික ගීය මදකට නවතා වෙනත් නමකින් හෝ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් චීන රග් පිටියේ ආසියාව ජය ගැනීම වෙනුවෙන් පෙළට තබන්නට වූ හැකියාව අපූරුය.එහි ගෞරවය ශ්‍රී ලංකා රගර් වෙත හිමි විය යුතුය.පිටියට බසිව්වටත් පෙර ආසියාවේ ටකල් කඩා බිද උථ්සාහක දිණුම් සීමාව වෙත ශ්‍රී ලංකා රගර් දුව අවසන්ය.තව ටිකකි.ඒ් දුර ද දුවන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අපි සුබ පතමු.


මුල සිටම ශ්‍රී ලංකා රගර්, අපිරිසිදු දේශපාලන තීරණවලින් කිළිටි කරන්නට ගත් උත්සාහයන්ට එරෙහිව පෙනි සිටි අප වෙබ් අඩවිය ශ්‍රී ලංකා රගර් කෙතරම් පිරිසුදු ද කියන්නට වෙන කාටවත් බැරි ලෙස මේ මොහොතේ අවස්ථාව ඇත්තේ චීන ආසියානු ක්‍රීඩා උළෙල බිමට ආසියාව ජය ගැනීම සඳහා පිටියට බසින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටය.තරින්ද රත්වත්ත ඇතුළු කණ්ඩායමට එය අඩුවකින් තොරව කරන්නට ශක්තිය හා දිරිය අපි පතන්නෙමු.
සවුදි අරාබියේ රටේ ආර්ථිකයට පිරිසුදු හයියක් වෙන්න කිළිටි සෝදන ලංකාවේ ගෘහ සේවිකාවන් ගෞරවාන්විතය.නමුත් එහි ක්‍රීඩා පාළක ධන කුවේරයන්ට තමන්ගේ කිළිටි අපුල්ලාගෙන පිරිසිදු වන්නට රට ගලක් සේ ඔවුන් දෙසට වීසි කරන්නට උත්සාහ කරන්නෝ දේශද්‍රෝහීයෝ ය.ඒ ගල උගුල්ලා දමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශක්තිය දෙන්නට රටේ රගර් ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කිරීම ගරු කරන සියලු ලාංකිකයෝ එකඟ වන්නාහ.
ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට ජය!

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.