මිනිස්සු මරපු මිනිස්සුත් එක්ක පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න මම සූදානම් නැහැ – ඉන්දික අනුරුද්ධ

කොළඹ LNW:මිනිසුන් මරා පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ ඇමතිවරයෙක් වීමට තමන්ට අවශ්‍ය නැති බවත් එවැන්නන් සමඟ පාර්ලිමේන්තුවේ වැඩිවීමට හෝ සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේය.

ඒ, අද (21) පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

”මට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ මිනී මරල. මට ඇමතිකමක් ගන්න අවශ්‍ය නැහැ මිනිස්සු මරල. මට රජයක් ගන්න අවශ්‍ය නැහැ මිනිස්සු මරල.එහෙම සිතුවිල්ලක් තියෙන කවුරු හරි මේ පාර්ලිමේන්තුවට එනවා නම එවැනි පාරිලිමෙන්තුවක මම වාදී වෙන්නත් සූදානම් නැහැ. මිනිස්සු මරපු මිනිස්සුත් එක්ක මේ පාර්ලිමේන්තුවට ඇවිත් වැඩිවෙන්න අපි සූදානම් නැහැ. ඒ නිසා අපි දේශපාලනය කරන්නේ ගමේ මිනිස්සු අපිව දේශපාලනයට තෝරගත්ත නිසා.”

ඉන්දික අනුරුද්ධ මහතාගේ කතාව අතරතුර සභා ගැබේ නැගී සිටිමින් කබීර් හෂීම් මන්ත්‍රීවරයා ”පොඩ්ඩක් හැරිලා බලන්න දැන් කොහොමද රෙදි ඇදගෙන ඉන්නේ ඔතන.” යනුවෙන් ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,”ඔබතුමා වැඩි වෙලා අහගෙන ඉන්න. ඔබතුමාට ඔබතුමාගේ ගොලයවත් බේරගන්න බැරිවුණා. ඔබතුමා අන්තවාදයේ කොච්චර උඩට ගියාද කියනවා නම් ඔබතුමාගේ ලේකම්වරයවත් බේරගන්න බැරි වුණානේ. ඒ මනුස්සයා රට ජාතිය වෙනුවෙන් කතාකෙරුවනේ. ඔහු අනාවරණය කළා. නමුත් ඔබතුමා නිර්වස්ත්‍ර වෙලා හිටියේ. දැන් කතාකරන්න එපා අරව මේවා කියාගෙන.” යනුවෙන් උද්වේගකරව අදහස් දක්වන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...