ලියනගේ ඔරු පැදීමට අලුත් පිටුවක් ලියයි

Date:

ශ්‍රී ලංකාවේ ඔරු පැදීමේ ඉසව්ව ආසියාතික මට්ටමෙන් පියවරක් ඉදිරියෙන් තබන්නට මහේෂි ලියනගේ ඊයේ දිනයේදී සමත් වුණා.ඒ ආසියානු ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරග සඳහා ෆයි වෝටර් මධ්‍යස්ථානයේදී සහභාගි වෙමින්.ඇය කාන්තා ඒකල Sculls තරගයේදී සිය මූලික තරගය විනාඩි 8:53.68 න් නිමා කර එම තරගයේ තෙවැන්නිය වෙමින් මේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදා කර දුන්නා.


ඉතිහාසයේ පළමු වරට මෙවැන්නක් කිරීම යනු වටිනාකමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඔරු පැදීමේ ක්‍රීඩාවේ තත්ත්වය ද පැහැදිළි කරන අවස්ථාවක්.කෙසේ නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා ආසියානු තරගාවලිය නියෝජනය කරන ඔරු පැදීමේ කණ්ඩායම ශ්‍රී ලංකා ඔලිම්පික් ආයතනය සහ චීන ඔලිමිපික් ආයතනය අතර සිඳු වූ සුහද සාකච්ඡාවක ප්‍රතිපලයක් හැටියට චීනයේ පුහුණුවීම් ලැබුවා.
එහි ප්‍රතිපලය මෙන්ම අන්තර්ජාතික පුහුණුව සහ අන්තර්ජාතික තරග සහභාගීත්වය ඉසව්වක වර්ධනයට කෙතරම් වැදගත් ද සහ අවශ්‍යයද යන්නත් මහේෂිගේ අවසන් පූර්ව තරග සඳහා පිවිසි මේ ඔරු පිම්ම පෙන්නා දෙනවා.


එසේම අද මහේෂි,ජයනි හිරුණිකා සමඟ එහි යුගල තරගයට සහභාගි වෙමින් හයවන තැනට පත් වී බී කාණ්ඩයෙන් අවසාන තරගය සඳහා තරග වඳින්නට ද අවස්ථාව උදා කර ගත්තා.මොහොමඩ් නියාස් සහ නුවන් සම්පත් ද එම තරග කාණ්ඩයේම යුගල තරගයේ බී කාණ්ඩයේ අවසාන තරගයට සුදුසුකම් ලබ ගත්තේ තමන් සහභාගි වූ මූලික තරගය සිව්වැනි තැනට නිමා කරමින්.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...