”ඔය ඉන්නේ මහ මොළකාරයා” – සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති අතර උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිවරයාට චෝදනාත්මකව කරුණු දක්වන අතර තුර ඊට මෛත්‍රීපාල සිරිසේන මහතා විරෝධය දක්වා සිටියේය.

සිද්ධි දාමය ගත්විට පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපතිවරයා සහ බුද්ධි නිලධාරී සුරේෂ් සලෙයි අතර හමුවක් අනිවාර්යයෙන්ම සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බව සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරන ලදී.

මේ අතර සරත් ෆොන්සේකා මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට ”පිස්සා” යනුවෙන්ද ආමන්ත්‍රණය කරන අයුරු දක්නට ලැබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...