නවසීලන්තයට අසීරු ඉලක්කයක්- ඒත් දෙපිළටම විවෘත තරගයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 22, (LNW) කොළඹ :

සජීවීව නරඹන්න – https://www.youtube.com/watch?v=qnvEQJTUmOA

ශ්‍රී ලංකාව සහ නවසීලන්තට අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.එහිදී දෙවන ඉණිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව සිය දෙවන ඉණිමේ දී ලකුණු 309 ට දැවී ගියා.එම දැවීයාම සඳහා වැඩිම බලපෑමක් කළ පන්දු යවන්නා වෙමින් ලකුණු 90 ට කඩුලු 6ක් ලබා ගන්නට සමත් වුණා.එසේම රංගන හේරත්ගේ මඟ පෙන්වීම ලබන නවසීලන්ත දඟ පන්දු බල ඇණියේ සිටින මිචෙල් සැන්ට්නර් ද කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.


ශ්‍රී ලංකාව අද දවසේ නවසීලන්ත දඟ පන්දුවේ බලපෑම සමඟ ඉදිරියට ගෙන යන්නට දායකත්වය දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50 ක් රැස් කරන්නට සමත් වූ අතර ඔහුගේ ඉණිමේ විශාලතම වැදගත්කම ලකුණු 292 ක් වන තෙක් කඩුල්ලේ රැදී සිටීමයි.ඒ නිසා එකතු වූ සුළු ලකුණු ගණන් ද සහයට ගෙන ශ්‍රී ලංකාවට ලකුණු 309 ක් කරා යන්නට හැකි වුණා.


ගාල්ල පිටියේ මේ තරගය නවසීලන්තයට ජය ගැනීමට දවසකටත වැඩි වෙලාවක් තිබෙනවා.ඒ අනුව ලකුණු 273 ක ඉලක්කය ජය ගැනීම අපහසු නොවනු ඇති බව සිතිය හැකි වුවත්,අජාස් පටෙල්ගේ දඟ පන්දුවෙන් එල්ල වුණ ප්‍රබල බලපෑම ගැන සිතන විට නවසීලන්තයට එතරම් දිගු ඉණිමක් ගොඩ නැඟීම පහසු නැහැ.ප්‍රභාත් ජයසූරිය මෙන්ම රමේෂ් මෙණ්ඩිස් ද අද දවසේ මුල් භාගයේ සිටම පන්දු යැවීමට කැදවීමට ධනංජය සිල්වා කල්පනා කරනවා නිසැකයි.එසේම අවශ්‍යය වුවහොත් දඟ කැවෙන තණතීරුවෙන් ප්‍රයෝජන ගන්නට ධනංජය ද සිල්වා වගේම කමිදු මෙණ්ඩිස් ද සිටිනවා.


ඒ නිසා නවසීලන්තය ආක්‍රමණික ස්වරූපයකින් උත්සාහ කළොත් එයින් ඇති වෙන කැළඹීම සමහර විට ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති කරන්නට ඉඩ ඇතත්,තිබෙන තත්ත්වය අනුව ආරක්ෂිතව කඩුල්ල රැකගෙන මේ ගමන සාමාන්‍ය විදිහට ආරක්ෂිත පියවරන් අනුගමනය කරමින් යන්නට ගියොත් නවසීලන්තයට මේ තරගය ජය ගැනීමට තිබෙන ඉඩ සම්පූර්ණයෙන් වැළකී යන්නට ඉඩ තිබෙනවා.
මේ දක්වා තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්න… https://es.pn/3XnPZ2c

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...