සැප්තැම්බර් 22, London (LNW):
ජාතික ජනබලවේග ආණ්ඩුවේ වර්ෂ පූර්ණය සැමරීමට එක්සත් රාජධානිය පුරා විසිරී සිටින සිංහල දෙමල මුස්ලිම් විශාල ජනතාවක් සැප්තැම්බර් 21 වැනිදා ලන්ඩනයට එකතු විය.

ලන්ඩනයට ආසන්න ස්ලව් Slough නගරයේ ක්‍රිස්ටල් ග්‍රෑන්ඩ් ශාලාවේ මෙම අවස්ථාව පැවැත් වූ අතර, එය මීට වසරකට පෙර අනුර කුමාර දිසානායක මහතා ජනධිපති අපේක්ෂකයා ලෙස එක්සත් රාජධානියේදී ජනතාව ඇමතූ දැවැන්ත ශාලාවේම පැවතීම විශේෂයකි.

2024 වසරේදී අනුර දිසානායක මහතා ලන්ඩන් හමුවෙන් පසු සිංහල දමිල මුස්ලිම් වැඩිම පිරිසක් එකට එකතු වූ අවස්ථාව මෙය කීවොත් සත්‍යකි.

සිංහල සහ දමිල ගීත සහ නර්ථනයන්ගෙන් අලංකාර වූ මේ අවස්ථාව දේශපාලන සාකච්චා වලින්ද සමන්විත විය.

එක්සත් රාජධානියේ ජාතික ජන බලවේග ශාඛාවේ නියෝජිත වෛද්‍ය ඉඳුනිල් විජේනායක මහතා පිරිස පිලිගනිමින් ප්‍රකාශ කලේ සිංහල දමිල මුස්ලිම් හැමෝම එකට එකතුවී ඉතිහාසයේ ලන්ඩනය තුල දේශපාලන පක්ෂයකට වසරක් පිරීම නිමිත්තෙන් කල විශාලම සැමරුම මෙය බවයි.

ජාතික ජනබලවේග ආණ්ඩුව ඉදිරි වසර කීපය තුල මවිබිම ජයග්‍රහණය කරා රැගෙන යද්දී සැප් 21 ලංකාවෙ දේශපාලන විප්ලවය සැමරීමට ලෝකය පුරා ,ශ්‍රී ලාංකික නොවන ප්‍රගතිශීලී මිනිසුන්ද එකතුවන බව ඔහු පැවසීය.

දමිල භාෂාවෙන් සභාව ඇමතූ සුදර්ශනී ගුනාලන් මහත්මිය ප්‍රකාශ කලේ දමිල ජනතාව ලෙස මේ ආණ්ඩුව යන ගමන ඉතාම සුභවාදීව දකින අතර දමිල මුස්ලිම් ජනතාවට තවදුරටත් මවිබිම තුල දෙවන පුරවැසියන් ලෙස දැනෙන පරිසයක් රටතුළ නොමැති බවයි.

එක්සත් රාජධානිය ජාතික ජන බලවේග ශාඛාව වෙනුවෙන් තුෂාරා දසනායක සහ එහි විධායක සභික මොහොමඩ් මර්සූක් යන අයද අදහස් දැක්වනු ලැබීය.

එක්සත් රාජධානියේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි මහතා සභාව අමතමින් කියා සිටියේ මීට වසරකට පෙර විදේශගත ශ්‍රී ලාංකිකයින් ලෙස එකතු වී ශ්‍රී ලාංකීය ජනතාව සමග සිදු කල දේශපාලන පරිවර්ථනය නැවත හැරවීමට පරාජිත රටට හතුරු දූෂිත කල්ලිය කෙතරම් උත්සාහ ගත්තද සැවොම එකතු වී එය පරාජයට පත්කළ යුතු බවයි.

ඒ සඳහා සිංහල දෙමල මුස්ලිම් ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරා අත්වැල් බැඳ ගෙන ඇති බවද කියා සිටියේය.

Zoom තාක්ෂණය ඔස්සේ ලංකාවේ සිට කාන්තා සහ ලමා කටයුතු පිලිබඳ අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය රැස්ව සිටි ජනතාව සිංහල සහ දමිල භාෂා දෙකෙන්ම ආමන්ත්‍රනය කරන ලදී.


ආණ්ඩුවේ පසුගිය වසරක ජනතාවාදී වැඩපිළිවෙළ දීර්ග ලෙස පැහැදිලි කල එතුමිය, මේ වෙනස වෙනුවෙන් පෙරමුණ ගත් තවමත් ඒ වෙනුවෙන් වැඩ කරන එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අණ්ඩුව වෙනුවෙන් කෘතඥ තාවයද පලකළාය.

මෙම සුහද හමුව මෑතකාලයේ සිංහල දමිල මුස්ලිම් හැමෝම එකට එක්ව සිදුකල විශාලම ජනහමුවක් වූ අතර එක්සත් රාජධානියේ වේල්සය, ලිවර්පූල් ,මැන්චෙස්ටර්, ලෙස්ටර්, යෝක්, නොටින්හැම්
වැනි ඈත ප්‍රදේශවලින් පවා ජනතාව සහභාගීවී තිබුණි.

පැමිණි සියලු ජනතාව ආණ්ඩුවේ වසරක ගමන් මග පිලිබඳ ඉතාම ප්‍රසාදයෙන් කතාකල අතර ඒ පිලිබඳව ලියවුනු පොත් පිංචක් සියලු දෙනාට ලබා දුන් අතර කෙටි වීඩියෝ වාර්තා වැඩසටහක්ද ඉදිරිපත් කර තිබුණි..






