*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ගල් අඟුරු මිලදී ගැනීම පිටුපස සිදුවන්නේ කුමක්ද?

ඊයේ (21) දින ලංකා ගල් අඟුරු සමාගම බලශක්ති අමාත්‍යංශයට ලිඛිතව ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 355 බැගින් මිලදී ගන්නා ලෙස නිර්දේශ කර තිබිණි. එහෙත් බ්‍රවුන්ස් ආයෝජන ප්‍රමුඛ ව්‍යාපාර සමූහයක් විසින් ගරු අඟුරු මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 320 බැගින් ලබා දීමට ඉදිරිපත් වී තිබේ.

මේ සිදුව ඇත්තේ කුමක්ද?

ඊයේ දින මෙම ව්‍යාපාර සමූහය, කොළඹ කොටස් වෙළඳපොල තුළ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 290 බැගින් ලබා දීමටත් ප්‍රවාහනයට අතිරේක ඩොලර් 30ක් අය කරන බවත් සඳහන් කර තිබේ.

අදාළ සමූහය විසින් මෙම ලංසුව ලංකා ගල් අඟුරු සමාගමට ඉදිරිපත් කරන ලද්දේ අගෝස්තු 12 වන දින ය. මෙම පිරිනැමීම අනුව, ඊට අවශ්‍ය වන්නේ සියයට 50ක් පමණක් වූ ඩොලර් ගෙවීමක් වන අතර, ඉතිරි සියයට 50 රුපියල් වලින් ගෙවීමට හෝ වසර 05ක ණයක් ලෙස රුපියල් වලින්ම ලබා ගැනීමට අදාළ සමූහය එකඟ වී ඇත.

මෙම ලංසුව එසේ තිබිය දී, ඊයේ දින සනද්‍යාවේදී, ලංකා ගල් අඟුරු සමාගම, මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය බවත්, මේ සඳහා නැව්ගත කිරීම් 05ක් වැයවනු ඇති බවත් බලශක්ති අමාත්‍යංශයට පවසා තිබේ.

පුදුමයට කරුණ වන්නේ, ලංකා ගල් අඟුරු සමාගම මේ සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ අඩු මිලට ගල් අඟුරු ලබා දීමට ඉදිරිපත් වූ බ්‍රවුන්ස් ආයෝජන ප්‍රමුඛ ව්‍යාපාර සමූහය නොව ස්විස් සිංගපෝර් (Swiss Singapore) නමින් හැඳින්වෙන ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 355ක් අයකරන සමාගමකි!

මේ අනුව බැලූ කල සමස්ත ගල් අඟුරු තොගය සඳහා වැඩිපුර ඩොලර් මිලියන 10 ක මුදලක් (නැව්ගත කිරීම් 05 ද ඇතුළුව) වැයවේ!

තවත් බරපතල කරුණක් වන්නේ, මේ සෑම නැව්ගත කිරීමකටම ගල් අඟුරු ගොඩබෑමටත් ප්‍රථම ඩොලර් වලින් සම්පූර්ණ මුදල ගෙවිය යුතු වන අතර, ඒ අනුව අඩු ලංසුවක් ඉදිරිපත් කළ බ්‍රවුන්ස් ප්‍රමුඛ ව්‍යාපාර සමූහයට සාපෙක්ෂව මසකට වැඩිපුර ඩොලර් මිලියන 60ක් ගෙවීමට සිදුවේ.

මීට ඉහත අවස්ථාවක මුදල් අමාත්‍යංශයට නිකුත් කළ ලිපියක සඳහන් වන පරිදි, බ්‍රවුන්ස් ප්‍රමුඛ සමූහය රජයෙන් ඉල්ලා සිටියේ, ගල් අඟුරු සඳහා මසකට ඩොලර් මිලියන 48 ක් (එයින් ද සියයට 50ක් පමණක් ඩොලර් වලින් සහ ඉතිරි සියයට 50 රුපියල් වලින්) ගෙවිය හැකි නම්, රටේ පවතින විදුලි අර්බුදය මුළුමනින්ම පාහේ විසඳිය හැකි මට්ටමට ගල් අඟුරු සැපයීමට තම සමූහය සූදානම් බවයි.

මෙම ලිපිය මුදල් අමාත්‍යංශයට අමතරව බලශක්ති අමාත්‍යංශයට මෙන්ම මහ බැංකු අධිපතිවරයාට ද යොමුකර තිබේ. කෙසේවෙතත්, ලංකා ගල් අඟුරු සමාගම ඊයේ දින වන විට ඉහත ව්‍යාපාර සමූහය ඉදිරිපත් කළ මුදලට වඩා අතිවිශාල මුදලකට ගල් අඟුරු ලබා දෙන ස්විස් සිංගපෝර් සමාගමෙන් මෙම මිලදී ගැනීම සිදුකරන බව පවසා ඇති අතර, ඒ සඳහා එළඹෙන ඔක්තෝබර් වන විට නැව්ගත කිරීම් 05ක් සඳහා ඩොලර් මිලියන 107 ක මුදලක් නිදහස් කරන මෙන් මහ බැංකුවෙන් ඉල්ලා තිබේ.

මෙය මහත් උභතෝකෝටිකයක් නොවේද?

මීට අදාළව බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ, මෙම විදේශ මුදල් ප්‍රමණය තමා වෙත මුදාහරින්නේ නම් ඉතා පහසුවෙන් නැව්ගත කිරීම් 11ක් හරහා මෙට්‍රික් ටොන් ලක්ෂ 6.6ක ගල් අඟුරු ශ්‍රී ලංකාවට ලබා දිය හැකි බවයි. ඊට අදාළව බලධාරීන් නිසි තීරණයක් ගන්නා තුරු තමා බලා සිටින බව ද එම සමූහය අවධාරණය කර ඇත.

එකම ගල් අඟුරු ප්‍රමාණය අතිවිශාල මුදලකට ලබා ගැනීමට ලංකා ගල් අඟුරු සමාගටම ඇති අවශ්‍යතාවය කුමක්ද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan