සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කළ CNN, MS NOW සහ Politico යන මාධ්‍ය ආයතන තුන, එම තීරණයට එරෙහිව ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබේ.
මෙම මාධ්‍ය ආයතන පවසන්නේ තම මාධ්‍යවේදීන්ගේ ප්‍රවේශ බලපත්‍ර කිසිදු පෙර දැනුම්දීමක් හෝ ක්‍රියාමාර්ගයකට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා නොදී අවලංගු කර ඇති බවයි. එමගින් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් සහතික කර ඇති මාධ්‍ය නිදහස සහ පස්වන සංශෝධනය යටතේ ඇති නීතිමය ක්‍රියාදාම අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔවුන් අධිකරණයට පෙන්වා දී තිබේ.
ට්‍රම්ප් පසුගිය සිකුරාදා(18) මෙම මාධ්‍ය ආයතන ධවල මන්දිරයෙන් තහනම් කරන බව ප්‍රකාශ කළ අතර, ඒවා තමන් සහ ඔහුගේ පරිපාලනය පිළිබඳ “අසත්‍ය” වාර්තා පළ කරන බවට චෝදනා කළේය. ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරය පිළිබඳ වාර්තා කිරීම තහනම් කර නොමැති අතර, ඔවුන්ට ලබාදී තිබූ විශේෂ ප්‍රවේශය පමණක් සීමා කර ඇති බවයි.
නඩුව හරහා CNN, MS NOW සහ Politico එම තහනම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන තාවකාලික අධිකරණ නියෝගයක් සහ තම මාධ්‍යවේදීන්ගේ ධවල මන්දිර ප්‍රවේශය යළි ලබාදෙන ලෙස ඉල්ලා අැති අතර නඩුව වොෂින්ටන් ඩී.සී. ෆෙඩරල් අධිකරණයේ විභාග වන අතර, තාවකාලික නියෝගය සම්බන්ධයෙන් විභාගයක් බදාදා පැවැත්වීමට නියමිතය.

