විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය විසින් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සම් විභාගයෙන් අනතුරුව කථානායකවරයා වෙත එවන ලද රහසිගත තීන්දුව අද (22) පෙරවරුවේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මෙම පෙත්සම් විභාග කරනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.
ඒ අනුව මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් මගින් සම්මත කළ හැකි බවට එම විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත.


