2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර එය ඊයේ (21) දිනයේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූඅට දහසක් වශයෙන් ඇස්තමේන්තු කර තිබෙන අතර මෙවර විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන මස 7 වන දින සිදුකිරීමට නියමිතයි.

එහි දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් 12 වන දින සිදුකිරීමට නියමිතය.

අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් මස 13 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 21 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...