ශ්‍රීලනිප මහලේකම් ප්‍රශ්නය – අධිකරණයෙන් නියෝගයක්

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා වශයෙන් පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළේය.

ඒ, තම පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධුරය අහෝසි කිරීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී මෙම වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමන් විරුද්ධ බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණයට දැනුම් දුන් අතර අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් 06 වනදා දක්වා දීර්ඝ කිරීමටත් මෙම නඩුවට අදාළ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...