*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ජනසභා ක්‍රමයට පූර්ණ සහය – ලංකා සමසමාජ පක්ෂය

කොළඹ LNW :ජාතික ජනසභා ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇති ජනසභා ක්‍රමය පිළිබඳව පනත් කෙටුම්පතට සහ ජනසභා ක්‍රමයට තම පුර්ණ එකඟතාවය පළකරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් හමුවූ අවස්ථාවේ දීය.

සිවිල් සමාජ යෝජනාවක් ලෙස ඉදිරිපත් වී, අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ජාතික ජනසභා ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇති ජනසභා ක්‍රමය ඉතාම කාලෝචිත මෙන්ම ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය ජනතාවාදී ආකාරයෙන් සිදු කිරීමටත්, පාලනය සදහා ජනතාව සහභාගී කරගැනීමේ සහභාගීත්ව ආකෘතියක් කටයුතු කිරීමේ වැදගත් කමත් දෙපාර්ශවය විසින් වැඩි දුරටත් සාකච්ඡා කර තිබේ.

ජනසභා ක්‍රමය පිළිබඳව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් අවධාරණය කළ අතර මෙම සාකච්ඡාව සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර, ජාතික ජනසභා කාර්යාලයේ අධ්‍යක්ෂ (මෙහෙයුම්, පර්යේෂණ සහ සංවර්ධන) නීතිඥ අකලංක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගී විය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan