සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දෙමළ ජාතික සන්ධානය සහ මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව තොරතුරු වාර්තා වේ.
එම සාකච්ඡාවේදී යුද ගැටුම් අවසානයේ ප්රතිසන්ධානයේ වැදගත්කම පෙන්වා දී ඇති අමෙරිකානු තානාපතිවරිය, සාමය ගොඩනැංවීමේ ක්රියාවලියේදී විශ්වාසය නැවත ඇති කිරීම සම්බන්ධයෙන් අවධාරණය කර ඇත.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජූලි චන්ග් මහත්මිය මේ බව සඳහන් කර ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??