නේටෝ ගුවන් සීමාව උල්ලංඝනය කරන රුසියානු ගුවන් යානා වෙඩි තබා බිම හෙලන බවට එක්සත් රාජධානිය සහ පෝලන්තය නිවේදනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේටෝ සාමාජිකයින්වන එක්සත් රාජධානිය හා පෝලන්තය සිය ගුවන් සීමාව උල්ලංඝණය කරන ඕනෑම රුසියානු ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලන බවට නිවේදනය කර තිබේ.

පසුගිය සිකුරාදා(19) නිව්යෝර්ක්හි එස්තෝනියාවට ඉහළින් රුසියානු මිග්-31 ජෙට් යානා තුනක් විනාඩි 12 ක් තම ගුවන් අවකාශය ආක්‍රමණය කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ(22) දිනයේදී කැඳවන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී එක්සත් රාජධානිය හා පෝලන්තය මෙම තීරණය ගෙන තිබිණි.

මෙම සිදුවීම සිදු වූයේ මේ මස මුලදී රුසියානු ඩ්‍රෝන යානා 20ක් පෝලන්ත අහසට ඇතුළු වීම සහ රුමේනියාවට වෙනම රුසියානු ඩ්‍රෝන යානා ආක්‍රමණය කිරීමෙන් පසුවය.

මේ සම්බන්ධයෙන් පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි සඳහන් කර තිබුණේ, තවත් මිසයිලයක් හෝ ගුවන් යානයක් අවසරයකින් තොරව, හිතාමතා හෝ වැරදීමකින් අපගේ අවකාශයට ඇතුළු වී වෙඩි තබා බිම හෙළනු ලැබුවහොත් සහ සුන්බුන් නේටෝ භූමියට වැටුනහොත්, කරුණාකර ඒ ගැන මැසිවිලි නැගීමට කටයුතු නොකරන ලෙසත් මෙම තත්වය රටක භෞමික අඛන්ඩතාවයට තර්ජනයක් වන බවත්ය..

මෙම එක්සත් ජාතීන්ගේ හදිසි සැසියේදී, රුසියාවේ ආක්‍රමණයන් පුළුල් ලෙස හෙළා දකින ලද අතර මෙම නවතම ක්‍රියාවන් භයානක සහ නොසැලකිලිමත්බව බ්‍රිතන්‍ය විදේශ ලේකම් යෙවෙට් කූපර් ද තහවුරු කර තිබු අතර විදේශ ලේකම්වරයා සඳහන් කර තිබුණේ, නේටෝ අහස සහ නේටෝ භූමිය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට අප සූදානම් බවත්, අවසරයකින් තොරව නේටෝ ගුවන් අවකාශයේ ක්‍රියාත්මක වන ගුවන් යානා වලට මුහුණ දීමට අපට අවශ්‍ය නම්, අපි එසේ කරන බවත්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රුසියාව එස්තෝනියාවේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් එයට සාක්ෂි නොමැති බව පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන්...

වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට...

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...