තංගල්ලෙන් සොයා ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ගැන තවදුරටත් පුළුල් විමර්ශන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW

තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි දකණු පළාත් භර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයරත්ත මහතා කියා සිටියේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බව දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයරත්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය .

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ මහජනතාවගෙන් මේ වන විට විශාල වශයෙන් පොලීසියට තොරතුරු ලැබෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...