*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මලල ක්‍රීඩාවටත් ශාරිරික යෝග්‍යතාවය…?

ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාවය පරික්ෂා කරන වැඩ සටහනක් විදෙස්ගතවන කණ්ඩායම් සඳහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර එය අවුරුදු 18 න් පහළ ආසියානු තරගාවලිය නියෝජනය කරන මලල ක්‍රීඩා කණ්ඩායමට ද භාවිතා කිරීමට තීරණය කර ඇත.එය අද කොළඹදී පවත්වන්නට යෙදිණ.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එය ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් මත ක්‍රියා කරන වැඩ පිළිවෙලක් බවයි.ඉකුත් සතියේ තේරිම් තරග පවත්වා ඔක්තෝම්බර් 13 වන දින සිට කුවේට් හී තරග කරන්නට නියමිත මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ධාවන ඉසව් සම්බන්ධයෙන් මෙන්ම පැනීම් ඉසව් සම්බන්ධයෙන්ද විශේෂිත වූ කොටස් සිටින අතර ඒ අයගේ ඉසව්වල අනන්‍යතාවය අනුව පේශීන්ගේ ක්‍රියාකාරීත්වයද වෙනස් බව පවසන ඇතැම් මලල ක්‍රීඩා ප්‍රවීනයන් එම අයගේ ව්‍යායාම ක්‍රම පවා එකිනෙකට වෙනස් තත්ත්වයක පවතින බැවින් එවැනි පරීක්ෂනයක් දැලි පිහියෙන් කිරි කන තත්ත්වයේ වැඩකි.එසේම තරගකාරී මට්ටමේදී දක්ෂතා දක්වා තිබීම,මෙවර ජෝන් ටාබට් තරගාවලිය අධික තදබදයක් සහිතවීම නිසා ඉසව්වලට වැඩිපුර මහන්සි වෙන්නට සිදු වී තිබීම යනාදී කරුණු නිසා ද එය එතරම් හොඳ තත්ත්වයක් විය නොහැකි බව එම ප්‍රවීනයන්ගේ අදහසය.

එසේ ඉසව් අනුව වෙනස් තත්ත්වයක මැන බැලීමකදී ද,කොළඹින් දුර පැහැර ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් සිටින බැවින් ක්‍රීඩා අමාත්‍යංශයේ එම ප්‍රදේශවල නිලධාරීන් යොදවා එම පරීක්ෂණ සිඳු කරන්නට ක්‍රමවේදයක් සැකසීමට කටයුතු කළ යුතුය.එසේ නොකර සාමාන්‍ය මඟී ප්‍රවාහන සේවා යොදා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹට ගෙන්වීමෙන් ඔවුන්ට පුහුණුවට ඇති වේලාව ද අහිමි වන්නේය.එසේම ඔවුන් තරගාවලියක් ආසන්නයේ අනවශ්‍යය ලෙස වෙහෙසට පත් කිරීමක්ද වන්නේය.

එසේම ක්‍රීඩා අමාත්‍යංශය කාන්තා කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරිණියක් තෝරා ගැනීම සම්බන්ධයෙන්ද,කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් පුහුණුකරන පුහුණුකරුවන් අතර පුහුණුකාරියක් ද සිටින නිසා එම තේරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.එසේම ආණ්ඩුවේ රජයට සම්බන්ධ දේශපාලන නායකයන්ද මේ තත්ත්වය ගැන අවධානය යොමු කර ඇති බව LNW වෙත වාර්තා වේ.
කොළොම්ඹියාවේ පැවති තරගයේ පෙර සූදානම වෙනුවෙන් විශාල කැපවීමක් කරන ලද්දේ වුව ද,එම සංචාරයට එක් වූ කාන්තා නිලධාරිණිය ක්‍රීඩිකාවක් අතහැර මෙරටට ඒමෙන් ද අධයාපන අමාත්‍යංශයේ චක්‍රලේඛ නොසළකා හැරීම ගැන දැඩි කතාබහක් ඇති විණ.ඇය ද ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ඉහළ විශ්‍රාම නිලධාරිණියක් වීම ද,ගුරුවරියකට රාජකාරියමය වශයෙන් ඇති දැඩි බැදීම නිසා ගුරුවරියක් සහභාගි කිරීම යහපත් බව ද,එම තොරතුරු පෙන්වා දෙයි.

මෙම තීරණ දෙක දිහා බැලීමේදී පැහැදිළි වන්නේ එකම තොප්පියක් හැම ඔළුවටම දාන්න උත්සාහ කරන ආකාරය.සහ වැරදි තොප්පියක් වැටුණත් එය වටහා ගන්න තොප්පිය වැටෙන ඔළුවේ අවබෝධය ප්‍රමාණවත් නොවන බවය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan