*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අද හෙටම ගල්අඟුරු නොලැබුනොත් පැය 12 ක් රටම අඳුරේ

විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීම බරපතල ගැටලුවක් වී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. කඩිනමින් ගල්අඟුරු සපයා ගැනීමට අසමත් වුවහොත් දෛනික විදුලි කප්පාදුව පැය 10 – 12 ක් දක්වා දීර්ඝ වියහැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

දැනට විදුලිබල මණ්ඩලය සතු ගල්අඟුරු මෙට්‍රික් ටොන් 250,000 ක තොගය ලබන ඔක්තෝබර් 28 වැනිදා දක්වා පමණක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් වන බවත්, නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීම සඳහා දෛනිකව ගල්අඟුරු මෙට්‍රික් ටොන් 5000 ක් අවශ්‍ය වන බවත් ජනක රත්නායක මහතා පවසනවා.

මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 35% ක ප්‍රමාණයක් සපුරන්නේ ගල්අඟුරු බලාගාරවලිනි. එම ප්‍රමාණය මෙගාවොට් 900 කි.

අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ගල්අඟුරු ආනයනය අක්‍රිය වී තිබෙනවා. ගල්අඟුරු ටෙන්ඩරය සඳහා අඩුම ලංසු ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය ලබා දී ඇති අතර කෙසේ නමුත් ඊට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා. අදාල නීතිමය කටයුතු අවසන් වනතෙක් ගල්අඟුරු සැපයිය නොහැකි බවයි ටෙන්ඩරය ලබාගත් සමාගම දැනුම් දී තිබෙන්නේ.

අවම වශයෙන් සෑම දින 05 කට වරක් ගල්අඟුරු නෞකාවක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වන අතර එක් නෞකාවක් සඳහා ‌ඩොලර් මිලියන 21 ක මුදලක් අවශ්‍ය වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan