කෝප්, කෝපා සභාපති ධුර විපක්ෂයට දෙන එකඟතාවයක් නෑ – පොහොට්ටු ලේකම්

Date:

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටුවට සභාපති ධුර විපක්ෂයට ලබාදීමේ එකඟතාවයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

“අපේ තියෙනවා පාර්ලිමේන්තු කාරක සභා දෙකක්. එකක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, එහෙම නැත්නම් අපි කෝප් කියලා කියනවා. අනික රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව, අපි කෝපා ලෙස හඳුන්වනවා. මේ කාරක සභා දෙක පවත්වාගෙන යාම සඳහා වන සියලු නීති රීති සකස් කරලා තියෙනවා ස්ථාවර නියෝග තුළින්. නමුත් කියන්න කණගාටුයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් අදත් මේ ගරු සභාවේ ප්‍රකාශ කළා මේ කාරක සභාවල සභාපතිත්වය විරුද්ධ පක්ෂයට ලබාදෙන්න එකඟවුණා, ඒක ලබාදුන්නෙ නෑ කියන කාරණය. මෙවැනි කතාවලින් මම හිතන්නෙ සිදුකරන්නේ හිතාමතාම මේ ගරු සභාවට තියෙන විශ්වසනීයත්වයත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාවගේ තියෙන විශ්වාසනීයත්වයත් නැතිකරලා විනාශ කරන කුමන්ත්‍රණයක්ද කියන ප්‍රශ්නය ඇතිවෙනවා. මොකද මේ කෝප් සහ කෝපා කාරක සභා දෙකට විපක්ෂයෙන් සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මේ ස්ථාවර නියෝගවල කිසිම තැනක සඳහන් වෙන්නේ නෑ”

ඉමිටියාස් බාකීර් මාකර් (සජබ) – මොකක්ද ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය මේ අවුරුදු විසිගාණක් බර්නාඩ් සොයිසා මහත්මයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ගිණූම් කාරක සභාවේ සභාපති හැටියට හිටියා, හඳුන්නෙත්ති මහත්මයා හිටියා. පාලක පක්ෂය පෙන්නුවා සභාපතිකම විපක්ෂයට දීලා තමන්ගේ අව්‍යාජබව. ප්‍රශ්න කිරීමේ අයිතිය”

“අපි දන්නවා කෝප් කමිටුවේ විජේදාස රාජපක්ෂ මැතිතුමා මට මතක කාලේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට. ඊටපස්සේ ඩිව් ගුණසේකර මැතිතුමා හිටියා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඊටපස්සෙ මේ යහපාලන ආණ්ඩු කාලෙ ඔබතුමන්ලා පත්කළා සුනිල් හඳුන්නෙත්ති මහත්තයාව. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ඒ යහපාලන ආණ්ඩුවේ පංගුකාරයෙක් වෙලා, එක්සත් ජාතික පක්ෂයත් එක්ක. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් තමයි පහුගිය යහපාලන ආණ්ඩු කාලෙත් කෝප් කමිටුවේ සභාපති ධුරයට පත්කළේ. අපි දන්න ඉතිහාසයේ නම් කෝප් කමිටුවේ සභාපති ධුරය දීලා තිබුණෙ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට මිසක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට නෙවෙයි”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...