*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/23

1. රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් රජය සතුව නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සිදු කෙරෙන “ණය ප්‍රතිව්‍යුහගත කිරීම” හේතුවෙන්, “මුදල් මුද්‍රණය” කිරීමට පවා නොහැකි බව ද ප්‍රකාශ කරයි.

2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි කාර්ය මණ්ඩල-මට්ටමේ ගිවිසුම අනුමැතිය සඳහා එම අරමුදලේ මණ්ඩලය වෙත බාරදීමට පෙර, කැබිනට් මණ්ඩලය, විපක්ෂය සහ උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වයන් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව කථානායකවරයා පවසයි.

3. රජය සහ එහි උපදේශකයන් විසින් බාහිර ණයහිමියන් හමුවීම පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අදහස් පළකරයි. – මෙය ඔවුන් සමඟ සිදුකෙරෙන පළමු සාකච්ඡාව බවත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට තොරතුරු හෙළි කිරීමට හැකියාවක් නොමැති බවත් ප්‍රකාශ කරයි.

4. රටවල් 23 ක නියෝජිතයෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සංසදයට සහභාගී වෙති. – ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට සහාය වීම මෙහි මූලික අරමුණයි.

5. ආණ්ඩුව දැන් පාර්ලිමේන්තුවේ විවේචකයන් නිහඬ කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. – විපක්ෂ පෙළට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනාට අදහස් දැක්වීමට පාර්ලිමේන්තුව තුළ කාලය වෙන් නොකිරීම පිළිබඳ කනස්සලු ස්වභාවයෙන් ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත.

6. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරනායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙයි.

7. රට කැලෑවෙන් පිටතට පැමිණ නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවයි. – ඔහු තම ධුරයට පැමිණ ගත වූ මාස 06 ක කාලය තුළ විදේශ ණය පැහැර හැරීම, අතිරේක රු. බිලියන 398 ක පොලියක් දැරීමට රජයට සිදුවීම, උද්ධමනය සියයට 18 සිට සියයට 70 දක්වා වැඩි වීම, රුපියල ඩොලරයට සාපේක්ෂව රු. 299 සිට රු. 370 දක්වා අවප්‍රමාණය වීම, භාණ්ඩාගාර බිල්පත් නිකුතුව (මුදල් මුද්‍රණය) රු. බිලියන 643 කින් ඉහළ යාම, ‘සේතු මූල්‍යකරණය’(Bridge Financing) සඳහා මූලාශ්‍ර සොයා නොගැනීම, ‘ගිණුම් මත ගෙවීම්’ නතර වීම ආදිය සහ IMF වැඩසටහන තවමත් අවසන් කර නොමැති වීම සිදුවිය.

8. 247,000 ක ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය නඩත්තු කිරීමට සඳහා වූ වියදම් අධික බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. – ඔවුන්ගේ ආහාර සඳහා රු. බිලියන 100 ක් වියදම් වන බවත් යම් ප්‍රමාණයක සංචිත හමුදාවක් සිටීම සුදුසු බවත් අවධාරණය කරයි.

9. ‘ෆයිසර්’ (Pfizer) Covid-19 එන්නතේ මිලියන 6කට අධික මාත්‍රා ප්‍රමාණයක තොගයේ කල් ඉකුත් වීමේ දිනය 2022 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වේ.

10. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ජපානය බලා පිටත් වීමට නියමිත අතර, මෙම සංචාරය රටේ ආර්ථිකය ගොඩගැනීමට වැදගත් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. – ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති දැනට සිටින එකම නායකයා ජනාධිපති වික්‍රමසිංහ බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan