නාම යෝජනා අවලංගු කිරීම නිසා විශාල මුදල් නාස්තියක් වෙනවා – පැෆරල් සංවිධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ කමිටුවක් විසින් පළත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බවත්, එලෙස පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීමට ගෙන ඇති තීරණය මඟින් රුපියල් ලක්ෂ දස දහසක මුදලක් රටට අහිමි වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

රට ආර්ථික අර්බුදයකට පත්ව ඇති මොහොතක මෙවැනි තීරණ ආණ්ඩුවකින් සිදු නොවිය යුතු බවද ඔහු කියා සිටී.

“මේ වනවිට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ කමිටුවක් විසින් පළත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ කමිටුවට සහභාගි වූ නියෝජිතයන්, ඊට සම්බන්ධ වුණ නිලධාරීන් ගෙන් අහන්නට කැමතී මේ වනකොට මැතිවරණය සඳහා ලක්ෂ 10,000ට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ලක්ෂ 1,000කට ආසන්න සංඛ්‍යාවක් වැයකරලා තිබෙනවා. මේ තීන්දුව හරහා මේ රටට අහිමි වන මුදල ලක්ෂ 10,000කට වැඩී. මේ මහජන මුදල් පිළිබඳ මේ ආකාරයේ තීන්දු ගැනීම සඳහා රටට සිදු වන අලාභයේ වගකීම කවු ද ගන්නේ. මේ මොහොතේ මේ මැතිවරණය පැවැත්වූයේ නැතත් පළාත් පාලන මැතිවරණය කොයි මොහොතක හෝ තබන්න සිද්ධ වෙනවා.” ලෙස වැඩිදුරටත් ඔහු කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...