පළමු ආසියානු පදක්කම කාන්තා ක්‍රිකට් වෙනුවෙන්…?

Date:

ආසියානු ක්‍රිඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගන්නා පළමු පදක්කම කාන්තා ක්‍රිකට් ක්‍රිඩාවෙන් දිනා ගැනීමට ඉඩ ඇති තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතියි.අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව තායිලනත්ය පරදවා අවසාන පූරුව වටයට පිවිසි අතර මෑතකාලයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දක්වා ඇති දක්ෂතා සැළකිල්ලට ගැනීමේදී මේ තරගාවලියේ දි ඉහළ දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
තායිලන්තයට එරෙහි තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඉතා හොඳින් පන්දු යැවූ ඉනෝෂි ප්‍රනාන්දු මුළු ලකුණු 27 ක් වෙද්දී තායිලන්ත ක්‍රිඩිකාවන් සිව් දෙනෙකුම දඩයම් කර තිබිණ.ඇය සමස්ත තරගයේ දී තරගය පන්දු ඕවර් 15 ට සීමා කර තිබුණු බැවින් ඇයට හිමි පන්දු ඕවර් 3 ලකුණු 10 ට නිමා කර තිබුණේ ලකුණු 10 ක් පමණක් සිය කඩුලු 4 වෙනුවෙන් වැය කරමින්ය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ චමරි අතපත්තුගේ සහයට ඉදිරිපත්ව සිටියේ අනුෂ්කා සංජීවනීය.චමරිට වඩා වේගවත් වූ අනුශ්කා පන්දු 23 දි ලකුණු 32 ක් එක් කළ අතර චමරි පන්දු 21 දී ලකුණු 27 ක් එක් කළේය.7 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවෙන් චමරිගේ ඉණිම අවසන් වන විට පළමු කඩුල්ලේ සබඳතාවය 54 ක් ව තිබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේ අනාගත ප්‍රහර්ශය බවට පත්වෙමින් තිබෙන හර්ෂිතා සමරවික්‍රම ඇයට තාක්ෂණික පිතිහරඹයේ දිගුව හයේ සීමාවේ පතිත කළ හැකි බවට දෙනු ලබන ඉඟිය මේ තරගයේදී ද සනාත කරමින් සමස්ත තරගයේ එකම හයේ පහර සමඟ පන්දු 13 න් ලකුණු 14 ක් සමඟ ලබා ගත්තාය.ලාබාල විශ්මි පන්දු 8 න් ලකුණු 8 ක් ලබා සිටියදී පන්දු ඕවර් 10.5 දී ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 2 ට ලකුණු 84 ක් වූයේ පෙර සඳහන් කළ පරිදි හර්ෂිතා ලකුණු 78 දී එල්ල කළ හයේ පහරින්ය.
ලකුණු විස්තරය පහත දැක්වෙන අතර හෙට උදෑසන ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේදී පකිස්තානය මුණ ගැසෙන්නට නියමිතය.
https://www.espncricinfo.com/series/asian-games-women-s-cricket-competition-2023-1398686/sri-lanka-women-vs-thailand-women-3rd-quarter-final-1399057/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...