මහ ජන්දේ ගැන රනිල්ගේ තීරණය මෙන්න!

Date:

කොළඹ LNW :හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බවයි විජේවර්ධන මහතා සඳහන් කරන්නේ.

මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් හිමිකර ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.

පවතින දේශපාලන වාතාවරණය අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම තීරණය එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගයේ එකතු වීමක පෙර ලකුණක් ද විය හැකියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...