හිටපු නාවික හමුදාපතිට අදත් ඇප නෑ!

Date:

කොළඹ LNW: හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා එළඹෙන ඔක්තෝබර් 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (24) නියෝග කළේය.

අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත, හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත විය.

අද මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකරුවන් සහ බන්ධනාගාරගතව සිටින 10 වන සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර උඩුදුම්බර බන්ධනාගාරයේ සිටින 11 වන සැකකරු වන හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සහ හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානි සරත් මොහොට්ටි ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විත්ති පාර්ශවයේ නීතිඥයන් සහ වින්දිතයාගේ නීතිඥවරිය කරුණු දැක්වූ අතර ඒවා සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය උක්ත නියෝගය ලබාදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...