විදුලි වෘත්තීය සමිති අඩියක් පස්සට ගත්තාද?

Date:

කොළඹ LNW: ලංකා විදුලි බල මණ්ඩලයේ නව ප්‍රතිව්‍යුහගතකරණයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා ගෙන නොයන බවට තීරණය කර තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අකුරට වා කිරීම ආරම්භ කර තිබුණ අතර හෙට දිනයේ වැඩවර්ජනයක් කැඳවීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති විසින් අද දහවල් සිදුකරන ලද සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස එම වැඩවර්ජනයට නොයා තවදුරටත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තුළම සිටීමට තීරණය කර ඇත.

නව ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විදුලි බල මණ්ඩලය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් හතරකට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම ලෙස සමාගම් 04ක් ස්ථාපිත කිරීමට නියමිතය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...