විදුලි වෘත්තීය සමිති අඩියක් පස්සට ගත්තාද?

Date:

කොළඹ LNW: ලංකා විදුලි බල මණ්ඩලයේ නව ප්‍රතිව්‍යුහගතකරණයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා ගෙන නොයන බවට තීරණය කර තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අකුරට වා කිරීම ආරම්භ කර තිබුණ අතර හෙට දිනයේ වැඩවර්ජනයක් කැඳවීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති විසින් අද දහවල් සිදුකරන ලද සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස එම වැඩවර්ජනයට නොයා තවදුරටත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තුළම සිටීමට තීරණය කර ඇත.

නව ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විදුලි බල මණ්ඩලය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් හතරකට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම ලෙස සමාගම් 04ක් ස්ථාපිත කිරීමට නියමිතය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...