2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක කරා යාම සඳහා ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය පැහැදිළියි- Marc-André Franche

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :

2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය සහ මුහුණ දෙන අභියෝග පිළිබඳව රටේ SDG න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා අඛණ්ඩ ප්‍රයත්නවල නිරත වන ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) නිලධාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් ඉල්ලා සිටි අවස්ථාවකදී අද සාකච්ඡාවට ලක් විය.

කොළඹ පිහිටි නෙදර්ලන්ත රාජ්‍ය තානාපති කාර්යාලයේදී සංවිධානය කරන ලද SDG ධජ දිනය (SDG Flag Day) උත්සවයක් අතරතුර මෙම සාකච්ඡාව පවත්වන ලදී.

ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ මැචවරණ චක්‍රවලින් ඔබ්බට දිගුකාලීන සැලසුම්කරණයට සහාය වීම සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක මඟින් ආණ්ඩුවලට, සිවිල් සමාජයට, පෞද්ගලික අංශයට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පොදු රාමුවක් සපයන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්- ඇන්ඩෘ ෆ්‍රැන්චේ (Marc-André Franche) ප්‍රකාශ කළේය.

“බහුපාර්ශ්විකත්වය තර්ජනයට ලක්ව ඇති විට, තිරසාර සංවර්ධන ඉලක්ක වැනි හවුල් රාමුවක් අඩු වැදගත්කමක් නොව, වැඩි වැදගත්කමක් දරයි,” ෆ්‍රැන්චේ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අවකාශය සීමිතව පවතින කාලයක දේශීය ප්‍රයත්නයන් ජාත්‍යන්තර සහයෝගය සමඟ සම්බන්ධ කර ගැනීමට මෙම රාමුව උපකාරී වූ බවද ඔහු සඳහන් කළේය.

මෙම SDG ධජය නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝර් (Wiebe de Boer), ෆ්‍රැන්චේ මහතා සහ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන සභාවේ සභාපති මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක යන මහත්වරුන් විසින් එක්ව ඔසවන ලදී.

2030 වන විට SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩ ප්‍රයත්නවල වැදගත්කම ඉස්මතු කිරීම මෙම ධජය එසවීමේ අරමුණ වූ බව තානාපති ද බෝර් මහතා පැවසීය.

ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා බොහෝ රටවල රජයේ ගොඩනැගිලිවල, සමාගම්වල, අධ්‍යාපන ආයතනවල, පුස්තකාලවල සහ නගර සභාවල SDG ධජ නංවමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

ධජය එසවීමේ උත්සවයෙන් අනතුරුව, 2030 න්‍යාය පත්‍රය දෙසට ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් සහ සිවිල් සමාජ නියෝජිතයින් සම්බන්ධ කර ගනිමින් සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම සාකච්ඡාව මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ, පවතින අභියෝග සහ SDGs ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා ඇති අවස්ථා කෙරෙහි අවධානය යොමු කළේය.

2030 න්‍යාය පත්‍රය 2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම විසින් අනුමත කරන ලද අතර, එය 2030 වන විට සාක්ෂාත් කර ගැනීම සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක 17ක් ස්ථාපිත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...