ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවා අවසන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් වසර දෙකකට පෙර, මුදල් හුවමාරුවක් හරහා ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල සම්පූර්ණ කර ඇති බව ඩකා ට්‍රිබියුන් වාර්තාව දන්වා සිටී.

එහි වාර්තාවට අනුව , බංගලාදේශ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව අවසන් වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක පොලියක් ගෙවූ බවයි.2021 මැයි මාසයේදී ශ්‍රී ලංකාව වසරක කාලයක් සඳහා මෙම ණය ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, නරක අතට හැරෙන දේශීය ආර්ථික අර්බුදය හේතුවෙන් රට ණය ගෙවීමට අපොහොසත් වූ අතර, ශ්‍රී ලංකා රජය බංකොලොත් බවද ප්‍රකාශ කළේය. එබැවින් රට ණය ගෙවීම සඳහා කාලයක් ලබා ගත්තේය. මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර වීමත් සමග එම ණය ආපසු ගෙවීමට සමත් වී ඇත.

බංග්ලාදේශ බැංකුවට අනුව, ශ්‍රී ලංකාව මුල් වාරිකය ලෙස ඩොලර් මිලියන 50 ක් අගෝස්තු 20 වන දින ආපසු ගෙවා ඇත. පසුව අගෝස්තු 31 වන දින එය ඩොලර් මිලියන 100 ක් ආපසු ලබා දුන් අතර, අවසාන වාරික මුදල බ්‍රහස්පතින්දා (21) ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 50 ආපසු ලබා දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය වාරික තුනකින් ගෙවා අවසන්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...