ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවා අවසන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් වසර දෙකකට පෙර, මුදල් හුවමාරුවක් හරහා ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල සම්පූර්ණ කර ඇති බව ඩකා ට්‍රිබියුන් වාර්තාව දන්වා සිටී.

එහි වාර්තාවට අනුව , බංගලාදේශ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව අවසන් වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක පොලියක් ගෙවූ බවයි.2021 මැයි මාසයේදී ශ්‍රී ලංකාව වසරක කාලයක් සඳහා මෙම ණය ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, නරක අතට හැරෙන දේශීය ආර්ථික අර්බුදය හේතුවෙන් රට ණය ගෙවීමට අපොහොසත් වූ අතර, ශ්‍රී ලංකා රජය බංකොලොත් බවද ප්‍රකාශ කළේය. එබැවින් රට ණය ගෙවීම සඳහා කාලයක් ලබා ගත්තේය. මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර වීමත් සමග එම ණය ආපසු ගෙවීමට සමත් වී ඇත.

බංග්ලාදේශ බැංකුවට අනුව, ශ්‍රී ලංකාව මුල් වාරිකය ලෙස ඩොලර් මිලියන 50 ක් අගෝස්තු 20 වන දින ආපසු ගෙවා ඇත. පසුව අගෝස්තු 31 වන දින එය ඩොලර් මිලියන 100 ක් ආපසු ලබා දුන් අතර, අවසාන වාරික මුදල බ්‍රහස්පතින්දා (21) ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 50 ආපසු ලබා දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය වාරික තුනකින් ගෙවා අවසන්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...

ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු...

ආපදාවලට ලක්වන ධීවරයන් ගැන සොයා බැලීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාවට ගොස්...