ධීවර ගැටලු විසදීම වෙනුවට ඉදිරියේදී නව පනත් සංශෝධනයක්!

Date:

නදීක දයා බණ්ඩාර මහනුවර

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයන්ට අවසර හිමිවීම මගින් දේශීය ධීවරයන් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසයි.

ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අනුමැතිය ලැබෙනවා සේම ඉදිරියේදී ධීවර පනත සංශෝධනය කිරීම මගින් මෙරට ධීවරයන් අඩපණ කිරීමට රජය උත්සහ කරන බව එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මහතා සඳහන් කරයි.

යම් අයුරකින් ධීවර පනත සංශෝධනය කරන්නේ නම් ඊට එරෙහිව සමස්ත ධීවරයන් එක්රැස් වන බව මහනුවරදී අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

ධීවරයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නාරා ආයතනය, සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතන ගණනාවක් පැවතියත් ඔවුන් කිසිදු අයුරකින් ධීවරයන් වෙනුවෙන් පෙනී නොසිටින බව සභාපතිවරයා කීවේය.

දකණේ හැමිල් දැල්, නැගෙනහිර ඩයිනමයිට් සහ උතුරේ ඉන්දීය ධීවරයන් ආදීන්ගෙන් සිදුවන බලපෑම හේතුවෙන් මෙරට කරදිය ධීවරයන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඒ මහතා සඳහන් කළේය. උතුරේ යාපනයේ සිට කල්පිටිය බත්තලංගුණ්ඩුව දක්වා ප්‍රදේශය තුළ මත්ස්‍ය කර්මාන්තයේ නිරත වන දේශීය කර්මාන්තකරුවන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව සභාපතිවරයා කීවේය.

මසුන්ගේ මිල පාලනය කිරීම වගකිම රජය සතු වුවත් ඒ වෙනුවෙන් රජය කිසිදු මැදිහත් වීමක් නොකරන බවත් අඩු මිලට මසුන් අලෙවි කිරීමට ධීවර සංස්ථාවට පවා කළ නොහැකි වී ඇතැයි ඔහු කීවේය. ධීවරයන්ගෙන් මසුන් මිලදී ගෙන අඩු මිලද මසුන් අලෙවි කිරීම වෙනුවට සංස්ථාව කරන්නේ මුදලාලිලාගෙන් මිලදී ගැනීම යැයි ද ඒ මහතා කීහ.

ධීවර පනත් සංශෝධනය මගින් රජය උත්සාහ කරන්නේ කිසියම් පාර්ශ්වයක අරමුණු ඉටු කරලීමට යැයි ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

කල්පිටිය බත්තලංගුණ්ඩුව ධීවර සමිතිය සභපති ඇන්තනී ෆොන්සේකා මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

ට්‍රෝලර් යාත්‍රා යොදාගෙන මත්ස්‍ය කර්මාන්තය සිදුකිරීම මේ වන විට ඉන්දියානු රජය තහනම් කර තිබෙනවා. මේ හේතුවෙන් ඉන්දියාවේ සිට නීති විරෝධී ටෝලර් යාත්‍රා රැසක් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය කර්මාන්තයේ නිරත වෙනවා. ඉන්දියාවේ නීති විරෝධී වුවත් ඔවුන් ශ්‍රී ලංකා නීතියේ රැහැනින් මිදී ඉතා පහසුවෙන් පස්සේ කර්මාන්තයේ සිදු කරනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ නාවික හමුදාව ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඇතැම් විට අපට ඔවුන්ගේ ප්‍රහාර වලට පවා ලක්වීමට සිදුවෙනවා.

මන්නාරම කරදිය ධීවර සංගමයේ සභාපති මොහොමඩ් ආලම්, මඩකලපුව ධීවර සංගමේ සභාපති ඒ.එන්. පද්මනාදන් යන මහත්වරුද මෙහිදී අදහස් දැක් වූහ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...