*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

AKD ට අපි උදව් කරන්න අවශ්‍යයයි. AKD ත් අපේ විශ්වාසය රැකිය යුතුයි – රිස්ලි ඉල්ලියාස්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 25, (LNW) කොළඹ :

විශේෂයෙන් lankanewsweb , නව ජනාධිපතිවරයා කෙරෙහි මගේ ඇති උනන්දුවට හේතු විමසීම ගැන මම කැමතියි.මොකද මම රගර් පරිපාලනයට ඇවිත් ඒ්කෙ හොර,වංචා,දූෂණ නැති කරමින්,ණය කන්ද අඩු කරමින් වැඩ කරන්න හදද්දි,රගර් තමන්ගෙ පවුලෙ බූදලයක් කරගත්තු දේශපාලන නායකයෙක් ඒ්කට බාධා කරද්දිත් lankanewsweb මාව හොයා ගෙන ඇවිත් කතා කළේ.


ඒ් වෙලාවෙ ඒ් දේශපාලකයා විසින් ලංකාවෙ රගර් ජාත්‍යන්තර වශයෙන් ලොකුම අපවාදයට ලක් කරපු අයත් හවුල් කරගෙන,ආසියානු රගර් ප්‍රබලයනුත් යොදා ගෙන,අනුග්‍රාහකයන් පවා ඉවත් කරද්දි මං ලංකාවෙ රගර් ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරද්දි,ඒ් දේශපාලන බය නැතුව කතා කරන්න ඉදිරිපත් වෙච්චි මාධ්‍යයක් තමයි lankanewsweb කියන්නෙ.


මේ ආකාරයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම ව්‍යාපාරික කේෂ්ත්‍රයේ ප්‍රබලයෙක්ද වන රිස්ලි ඉල්ලියාස් නව පාලකයා ගැන කතා කරන්නට ඉදිරිපත් වුණා.
මම මේ රටේ ඉසිපතන විද්‍යාලයේ වැඩි කාලයක් ගෙවපු පස්සෙ ශාන්ත පීතර විද්‍යාලයට ගිය,වෘත්තීයමය වශයෙන් මෙන්ම රගර් ක්‍රීඩාවෙත් අමාරුවෙන්,නිවැරදිව වැඩ කරලා ඉස්සරහට ආපු මිනිහෙක්.ඒ් නිසා ඒ්වයෙ හිටිය සම්ප්‍රදායික ප්‍රභූවරු,වංචාවෙන්,බොරුවෙන් සල්ලිකාරයේ වෙච්චි දේශපාලකයො,පරිපාලකයො ම‌ගෙ කකුලෙන් ඇද්දා,මේ විදිහටම තමයි හැම කේෂ්ත්‍රයේම කරන්නෙ.දැනටත් එහෙම ඉඟි අලුත් ජනාධිපති AKD ට එරෙහිව වගේම NPP එකට විරුද්ධවත් මතු වෙමින් තිබෙනවා.මම කියන්නෙ මේ රටේ නම කියන්න බැරි තරමට ලැජ්ජාවක් දැනෙන්න තරම් මේ රට සවුත්තු කරපු මිනිස්සුන්ට AKD ට ඒරෙහිව වගේම NPP ඒකට එරෙහිවත් එහෙම කරන්න දෙන්න බැහැ.මිනිස්සු ඒකට එකතු විය යුතුයි.


මමත් මැතිවරණයෙ අවසාන කාලෙ වෙනකං එක එක්කෙනාගෙ කතා අහගෙන හිටියා.හැමෝම කරේ තමන්ගෙ පම්පෝරි ගහන එක.අනුන්ට මඩ ගහන එක.තව සමහරු හරි උද්ධච්ඡ විදිහට තමන්ට වඩා කෙනෙක් නැහැ කියමින් හැසිරුණා.ඒ්ත් AKD වගේම NPP වේදිකාව ඇතුළෙ ඇහුණෙ වෙලා තියෙන දේ සහ ඒ්වා විසදන්නෙ කොහොමද කියලා කරපු පැහැදිළි කිරීම්.ඒ් ගැන පැහැදීමෙන් තමයි මං මේ දේශපාලනයට පක්ෂ වුණේ.දන්න කියන අයට කතා කරේ.සමහර අයගෙ ඔළුවෙ මැවිලා හිටියා යකා අයින් කරන්න මහන්සි වුණේ.ඒ්ක හරියට ඔයාලගෙ වෙබ් එක මං හොයාගෙන ආවා වගෙ දෙයක්. මෙතනදි AKD වගේම NPP කවුරුත්ම මං ගැන දන්නෙ නැහැ.මමත් ඒ් අය හමුවෙලා නැහැ. හැබැයි වගකීමක් තියෙන රටට ආදරේ පුරවැසියා කරන්න අවශ්‍යය දේ මම කරා.


හැබැයි මං කියන්නෙ නැහැ දැන් හරි වැඩේ AKD සහ NPP කණ්ඩායම එකතු වෙලා රට හදා දෙනකං අත් බැද ගෙන ඉන්න කියලා.සමහර විට සියලු දූෂිතයො ඒකට එකට එකතු වෙලා හොඳ වැඩවලට මුදල් යොදන්න,සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවෙදි හරස් වෙයි.අපි නිකංම ඒ්වට විරුද්ධ වෙන්නෙ නැතුව ඒ් කරපු වැඩේ ගැන හරියටම දැණුමක් ගන්න අවශ්‍යය කරනවා.සමාජයට ඒ් ගැන කියා දෙන්න දන්න උගත් අය මැදිහත් වෙන්න වෙනවා.


ඒ් වගෙම මේ ඡන්දෙන් ප්‍රකාශ වෙච්චි ජනමතය හරියටම AKD සහ NPP කියව ගෙන තිබෙන බවයි මම හිතන්නෙ.ජනාධිපතිවරයා විදිහට රට අමතපු පොඩි වෙලාවෙම ඒයා කියනවා ඡන්දෙ දුන්න අය වගේම නොදුන්න අයව දිනා ගැනීමත් තමන්ගෙ වගකීමක් කියලා.රටටයි ජනාධිපති කෙනෙක් පත් කර ගත්තෙ.සමහර අය ආගම ජාතියට මුල් තැන දීලා කතා කරනවා කිව්වා.රටේ මිනිස්සු බලය පවත්වාගෙන යාම වෙනුවෙන් රණ්ඩු කරවලා බෙදලා දැම්මා.ඒ්ත් අලුත් ජනාධිපතිවරයා ඉතාම කෙටි උත්සවයක් තියලා කියන්න අවශ්‍යය ටිකත් කියලා වැඩේ ඉවර කරා.කාලය කළමණාකරණය කරමින්,එයින් ඉහළම ප්‍රයෝජන ගන්න දැක්මක් සහ හැකියාවක් AKD ට තියෙන බව මේ කාලය තුළ කරපු පොඩි වැඩ ටිකෙන් තේරෙනවා.
මේ අපිට තේරෙන දැනෙන හොඳ මනුස්සයා අපි රැකගන්න අවශ්‍යය කරනවා.ඒ් වගෙම ඔහුත් අපිව රැකගන්න විදිහට විශ්වාසය සුරකින විදිහට වැඩ කරන්න හැම වෙලේම කටයුතු කරන්න වෙනවා.


නාස්තිය දූෂණය පිටු දැකලා, පරිපාලන ව්‍යහුයට කරන දේශපාලන අතපෙවීම් නවත්තලා මේ රටේ වැරදි කරපු මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න හැකියාවක් තියෙන බව පේනවා.මට තියෙන අත්දැකීම් වලින් දැනෙන දෙයක් වීශාල විදිහට දේශපාලකයන් සහභාගි වන වැඩ සටහන්වලදී රටේ ජනතාවට අහිමි කරන වැඩ කරන පැය ගාණ අඩු කරන්න වෙනවා කියන එක.ඒ් වගෙම බොරු අනවශ්‍යය වියදම් කපා හරින්න වෙනවා.අසීමිත සම්පත් භාවිතා කරන දේශපාලකයන්ට සිමාවන් පවනන්න වෙනවා. මේ වගෙ වැඩ ගොඩක් කරාම රජයේ ආදායම වැඩි නොවුණත්,අනවශ්‍යය වියදම් ගොඩක් ඉතුරු වෙනවා.සංවර්ධනයට ඒවා යොදා ගන්න පුළුවන්.


මාලිමාවට ඡන්දය නොදෙන කෙනෙක්ටත් ඊ ළඟ මැතිවරණයෙදි කරන්න දෙයක් තියෙනවා.ඒ හොරකම්,වංචා දූෂණවලට සම්බන්ධ නොවුණු හොඳ පිරිසක් පාර්ලිමේන්තු එවන්න.පක්ෂවලටත් වගකීමක් තියෙනවා.චෝදනා තියෙන මිනිස්සුන්ට තමන්ගෙ පක්ෂවලින් නාම යෝජනා නොදී ඉන්න.මේකෙ වැදගත්ම දේ තමයි සමාජයට AKD ගෙ ජයග්‍රහණයෙන් එහෙම බලපෑමක් ඇති කරන එක.


අවසාන වශයෙන් ඉහත අදහස් දැක්වීම්වලට ඉල්ලියාස් එකතු කළේ “AKD ට කියන්න තියෙන්නෙ මෙච්චරයි.අපි ඔබව රකින්න ජනතාව විදිහට පෙළ ගැසී සිටින්නම්.ඔබත් අපේ විශ්වාසය රැකලා මේ රට සාධාරණ නීති ගරුක සමාජයක් කරන්න.අනවශ්‍ය වියදම් කපා හරින්න.හැම තැනකම මිනිස්සුන්ගෙ වටිනා කාලය නිකරුණේ විනාශ වෙලා යන ඒක නවත්තලා දෙන්න.ඒ්කම ඇති මේ රට පොහොසත් රටක් කරන්න.”
ඒ ඉල්ලියාස්ගේ අදහසය.කෙසේ වුව අප මේ සියල්ල දෙස විමංසනාක්ශියෙන් යුතුව බලා සිටිමු.හැමදේ ම අන්තිමට රටට වෙන්නේ කුමන හොදක්ද – නරකක් ද යන කාරණය මත විසඳෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan